හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට හම්බන්තොට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දුන්නේ බස්නාහිර, නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේ, නැගෙනහිර පළාතේ මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ සංචාරක කලාප ආශ්‍රිත ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් සහ නාගරික සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර ඊට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව ද විමසා බැලිණි.

මොණරාගල ප්‍රදේශයේ පවතින අමතර ඉඩම් අක්කර දහස් ගණනක් ප්‍රයෝජනයට ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමේ සැලසුම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

එපමණක් නොව, නාගරික තදබදය අවම කිරීම වෙනුවෙන් අවිස්සාවේල්ල සහ ඇහැළියගොඩ ඇතුළු ප්‍රදේශ සතු උපායමාර්ගික හැකියාවන් භාවිතයට ගනිමින් නව නගර සංවර්ධනය කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම ඉලක්ක කර ගනිමින් උතුරු කොළඹ වරාය පුළුල් කිරීම සහ කාර්මික හා තොරතුරු තාක්ෂණ උද්‍යාන ඉදිකිරීමේ සැලසුම් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ප්‍රධාන ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ත්‍රිකුණාමල නගර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ආර්ථික වර්ධනය සහ කලාපීය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම උදෙසා ඉන්දු – ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...