දකුණේ තවත් වෙඩිතැබීමක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් මරුට !

0
408

ඇල්පිටිය, පතිරාජ මාවතේ අද (26) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 51 හැවිරිදි, කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බව සඳහන්.

ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඒ සඳහා 9mm වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පොලිස් විමර්ශන සිදුකෙරේ.

RN