මොකද්ද මේ දමිතාගේ කොරියන් පටලැවිල්ල?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): රංගන ශිල්පිනී දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රැකියා ලබා­දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව  කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාට ඊයේ (26) දැනුම් දී ඇත.

දමිතා අබේ­රත්න  සහ ඇයගේ සැමියා කොරි­යානු රටට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30කට අධික මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර ඔවුන් දෙදෙ­නාට බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට පැමි­ණී­මට  දැන්වු­වත් එය නොස­ලකා හැර ඇති බැවින් අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොති­සි­යක් නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. 

එම දෙදෙනා සැක­ක­රු­වන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ අව­ස්ථාවේ විමසා සිටි­ බව සඳහන් වේ.

“මෙතෙක් සැක­ක­රු­වන් ලෙස නම් කර නැහැ. විම­ර්ශන අව­ස්ථාවේ සිටින්නේ. පොලි­සි­යට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නද පැමි­ණියේ නැහැ. අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි නොතී­සි­යක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිල­ධා­රීන් කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­යේය. “සැක­ක­රු­වෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකා­ර­යෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...