හරීන්ගේ ප්‍රකාශයට විරෝධය පළකරමින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධයක්!

Date:

කොළඹ (LNW): ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට සිවිල් සංවිධාන විසින් අදත් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සංචාරක අමාත්‍යාංශය එය ඉදිරිපිට එය සංවිධානය අකර තිබුණු අතර එම ස්ථානයට් පොලීසිය යොදවා විරෝධතාව පැවැත්වීම අවහිර කර තිබුණු හෙයින් විරෝධතාකරුවන් මෙරට ඉන්දියනු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට ගොස් එම විරෝධය දක්වන ලදී.

ඉන්දියාව භූ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ජාතික සම්පත් විකිණිම සහ ජාතික ආර්ථිකය ඉන්දියානු ගොදුරක්බවට පත් කරන එට්කා ගිවිසුමට එරෙහිව ජනතා විරෝධය ලෙස එම විරෝධය ප්‍රකාශ කර තිබුණු නමුත් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් විරෝධතාකරුවන්ගේ සංදේශය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව විරෝධයට එක් වූ පිරිස මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට වාඩි වී විරෝධය පළ කළේ අදාළ සංදේශය භාරගන්නා ලෙස බලකරමිනි.

එහෙත් අවස්ථා දෙකකදීම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය එය ප්‍රතික්ෂේප කළ හෙයින් එම සංදේශය ඉරාදමා ඉන්දියාවට විරෝධය පළකර විරෝධතාකරුවන් විසිර ගොස් ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...