*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මහනුවර අධ්‍යක්ෂණය කරන ශ්‍රී ලංකා රගර් රඟපාන Tragicomedy නාටකය

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 27 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ අති විශිෂඨතම රගර් කණ්ඩායමක් වන මහනුවර ක්‍රීඩා සමාජය මේ වසරේදී අනු සූරතාවයේ රඳවන්නට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට හැකි විය.එහෙත් මහනුවර ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව සිය අණ පරිදි හසුරුවන්නට දක්වන සමත්කම හකුළා ගන්නට සූදානම් නැති බව පෙන්වමින් ප්‍රතිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පවත්වන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ උවමනාව තමන්ගේ නිර්දෝශීභාවය රැකෙනාකාරයේ ප්‍රචාරයක් සහිතව කරන්නට ඉදිරිපත් වී ඇත.


ඉකුත් වසරේ දී මහනුවර ක්‍රිඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන තරගායලියෙන් ඉවත් වූයේ ශ්‍රී ලංකා රගර් විසින් කිසිදු ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා සමාජයට අයත් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට අවසර නොදීමට ගත් තීරණයට විරෝධය දක්වමින්ය.ඒ අනුව ශ්‍රී ලංකා රගර් නිත්තවෙල නොවන මහනුවර ප්‍රදේශයේ පිටියක් ලබා දීමට ඔවුන් විරෝධය ප්‍රකාශ කළ අතර අන් සියලු ක්‍රීඩා සමාජ ක්‍රීඩා කළේ තමන්ට අයත් නොවන ක්‍රීඩාංගණවලය.පසුව ඒ සම්බන්ධයෙන් තහනමක් පැනවිණි.එක ක්‍රීඩා සමාජයකට වෙනස් විදිහකට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලබා දී අනිත් ක්‍රීඩා සමාජ නීතියකට හෝ ප්‍රතිපත්තියකට යටත් කිරීම කළ නොහැකි බැවින්,පොදු තීරණයට එළඹුණේ නැති නිසා ශ්‍රී ලංකා රගර් එම තහනම ප්‍රකාශ කළ අතර එහි හේතු පැහැදිළි කිරීම මාධ්‍යය විසින් විමසන ලද අවස්ථාවේදී සිඳු කළේ ද වත්මන් වැඩ බලන සභාපති නලීන් ද සිල්වා යි.
එහෙත් මේ වසරේ යම් ආකාරයකට කොඳු නාරටී දිය වුණු ස්වභාවයක් පෙන්නුම් කරමින්,තමන් පෙනී සිටි ස්ථාවරයන් වෙනස් කරමින් වැඩ කරන්නට ශ්‍රී ලංකා රගර් මෙහෙයවීමට ඇතැම් අයට හැකි වූ බවක් පෙනෙන්නට ඇත. ඒ අනුව වැඩ බලන සභාපතිවරයාට හිතවත් අය දැනුවත් කරමින් සමස්ත විධායක කමිටුවට දැණුම් නොදෙමින් මහනුවර සම්බන්ධ තීරණය වෙනස් කරන්නට වැඩ බලන සභාපතිවරයා පියවර ගැනීමද සිඳු වි තිබිණි.


මේ නිසා තරගාවලිය සම්බන්ධයෙන් මතු වන ගැටළු සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබියදී මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලිය මහනුවර පැවත්විය යුතු බවට යෝජනා කරන්නට විය.එසේ නොවන්නේනම් තරග නොකරන බවත් ඔවුන් කියා සිටියේය.තහනමකට ලක් කිරීම වැරදි බව පවසමින් මෙවර තරගාවලියෙන් බැහැරට යන්නේ අවශ්‍යය පාර සකසා ගන්නේ පෙර තහනම ගැන කතා කරන ඉඩ ද අහුරමින්ය.
සමහර විට මීට හේතුව නැවත වරක් ක්ලිෆර්ඩ් කුසලානයේදී පරාජය වීමේ අවධානමක් ඇති නිසා අවමානයෙන් බේරීම වන්නට ද හැකිය.එසේත් නැත්නම් මෙවර තරගාවලිය සඳහා අවශ්‍යය තරමට මුදල් ප්‍රතිපාදන නැතිකම වන්නට ද හැකිය.එහෙත් මහනුවර මේ කියන සියලු ගැටළු අන් ක්‍රීඩා සමාජවලටද මතුවන්නට ඉඩ ඇති බව දැනගෙන ඔවුන්ට ඒ අපහසුකම් තමන්ගේ ක්‍රීඩා සමාජය විසින් දරා ගන්නට යෝජනා කරමින් ද තවත් ආකාරයකින් දැරිය යුතු බවට සියුම් බලපෑමක් ඇති කරමින් ද ඊට එකඟතාවය නොලැබුණ අවස්ථාවේ ඉවත් වී යද්දී පෙන්වන මුහුණුවර අතිශයින් මානුශිකය.


මෙහිදී වැදගත්ම කාරණය වන්නේ මේ ගැටළුව ශ්‍රී ලංකා රගර් ඇතුළතින් තෝරා ගන්නා ආකාරය ය.මහනුවර ක්‍රීඩා සමාජය ඉකුත් වසරේ මෙන්ම ශ්‍රී ලංකා රගර් හෝ රගර් සමඟ එක්ව ක්‍රීඩා සමාජ සහ විධායක සභාව ගනු ලබන තීරණ මහනුවරට අවශ්‍යය විදිහට වෙනස් විය යුතුය.එසේත් නැතිනම් මහනුවරට අවශ්‍යය පරිදි සහ ඉල්ලා සිටින පරිදි ශ්‍රී ලංකාවේ රගර් ක්‍රියාත්මක විය යුතුය යන්න මේ සංඥාවෙන් කියවෙන්නේ ද නැද්ද යන්න ශ්‍රී ලංකා රගර් අවබෝධ කර ගත යුුතුය.අප විශ්වාස කරන්නේනම් මහනුවර පදයට සියල්ල ඒකත් පස්ව සිටිය යුතු බව ඔවුන්ගේ අදහස බවය.පොදු එකඟතාවයක් හෝ පොදුවේ පැනවෙන තීරණයකට අඩංගුව සිටීම වෙනුවට මහනුවරට හැකි පරිදි සහ ඕනෑ පරිදි වෙනස් වෙන්න ශ්‍රී ලංකා රගර්වලට හැකිනම් මහනුවර ක්ලිෆර්ඩ් කුසලාන තුළ දැකිය හැකිය,නැත්නම් නොහැකිය. මේ ඉවත්වීමෙන් ශ්‍රී ලංකා රගර් වෙත දෙන එම පණිවිඩය කියවා ගැනීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ සමස්ත රගර් ක්‍රීඩාවේ පරිපාලකයන් ලෙස හැසිරෙමින් සිය පෞරුෂය රැක ගැනීමේ අසීරුම තැනට තමන්ව පත් කර සිටින බව ශ්‍රී ලංකා රගර් මෙහිදි අවබෝධ කර ගත යුතු වැදගත්ම පණිවිඩය වන්නේය.


ලස්සනම කාරණය වන්නේ මහනුවර පොදු එකඟතාවලින් බැහැරව වැඩ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා රගර් ගත් තීරණය,ශ්‍රී ලංකා රගර් වැඩ බලන සභාපතිවරයා විසින් ඉවත් කර මහනුවර වෙත සුහදශිලීත්වය පුද කරමින් වඩාත් යහපත් මනුස්සෙක් ලෙස හිටපු සභාපතිව අභිබවා ඉහළින් සිටින්නට ගත් උත්සාහයට වූ දෙයය.හිටපු සභාපතිගේ සෘජුභාවය වසා මතුවන්නේ වැඩ බලන සභාපතිගේ වැනෙන ස්වභාවය ලෙස අප අර්ථ දැක් වුව ද සමහරුන්ට පෙර කර ගැනීමට නොහැකි වූ දේ කිරීමට වැඩ බලන සභාපතිගේ වැනෙන බව අරුත් ගන්වන වචනය නමනීය සහ සොඳුරු හිතවත්කමය.


එහෙත් දැන් මහනුවර තමන්ගේ තහනමට එරෙහිව නිශ්චිත කාල රාමුව තුළ කිසිඳු අභියාචනයක් හෝ ඉදිරිපත් නොකර වැඩ බලන සභාපතිවරයාගේ නමනීය සොඳුරුකම යටතේ තහනම ඉවත් කර ගැනීමේ කාරණයද සිඳු කර, අවසානයේ “උඹ අපිට ඕනි විදිහට හිටපං නැත්නම් අපිට බැහැ” වැනි සංඥාර්තයක් හුවා දක්වමින් තරගවලියෙන් ඉවත් වී ගොස් ඇත.මේ හරහා පාලනයේ නොවෙනස් සෘජුකම එහි නීතිමය සාධකවලට අවනත වන සේ ව්‍යවස්ථානුකූලව තිබිය යුතු වීම වෙනුවට ව්‍යස්ථාපිත නීතිමය සාධක නොසළකා හරිමින් නැමෙන්නට යාමෙන් ඉතිරි වන්නේ වේදනාකාරි සහ අපහාසකාරී ප්‍රතිපලයක් බව පැහැදිළි වී ඇත.
මහනුවර තමන්ගේ නිෂ්පාදිත කොමඩි නාට්‍යයේ ශ්‍රී ලංකා රගර් විකටානුරූපීව අපූරුවට මෙහෙයවා ඇත.ඔවුන්ට කිසිවක් කියන්නට ඉඩ නොදෙමින් මහත්තයෙක් සේ අභිනයන් පාමින් පෙනී සිට වැඩ කරන්නට චරිත මෙහෙයවා අවසානයේ ඉතා සූක්ෂම සේ එම චරිත හෑල්ලුවට ලක්වන සේ හැසිරවීම සිනහ උපදවන සුළුය.


හැමෝම එකට ඉන්න ඕනි.සහභාගි වෙන එකයි වැදගත් වැනි කියුම් කෙරුම් කරමින් පැමිණි ශ්‍රී ලංකා රගර් වෙත අවසානයේ තමන් කියූ කෙරූ දේ ගැන අතිශ්‍ය කළකිරීමට සහ ලැජ්ජාවට පත්වෙන ආකාරයට මහනුවර නාට්‍යය අධ්‍යක්ෂණය කර ඇත.වේදිකාවේ ඒ මේ අත දුවන්නට වී සිටින සළු ගැලවුණු නිරුවත් චරිතවල හැසිරීම සිනහව ඇති කරන තරම්ය. එහෙත් ඒ සිනහව යටින් තිබෙන්නේ ශ්‍රී ලංකා රගර් හී පෞරුෂයේ කඩා වැටීමය.කෙළින් සිට ගන්නට බැරි තරමේ අසරණවීමක්ය.


පොදු එකඟතාවයක් ප්‍රතික්ෂේප කර තමන්ගේ උවමනාවට බහුතරය නැමිය යුතු බවත්,එසේ නොවන්නේනම් තමන් සහභාගි නොවන බවත් කියන්නට තරම් යම් සමූහයක් ඇතුළේ කාට හෝ කේවල චරිතයකට ඉඩ ලබා දිය යුතුද?එසේ ලබා දීම සහ ඉල්ලීම සදාචාරාත්මක ද? නෛතික ද? ව්‍යවස්ථාපිත ද? මහනුවර මේ ඉඩ ලබා ගැනීමට වඩා කණගාටුදායක ඔවුන්ට ඒ ඉඩ ලබා දීමට ඇම කා ඉදිරිපත් වන්නන්ය.
මහනුවර හාස්‍ය උපදවන ආකාරයෙන් ශ්‍රී ලංකා රගර් හැසිරවීම හාස්‍යජනක බව ඇත්තය.එහෙත් ඒ ඉදිරියේ අසරණ වන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත රගර් හී පරිපාලනය වීම ඛේදවාචකයක්ය.ඒ නිසා මහනුවර පිටපත සුඛාන්තයක් නොවන ඛේදණිය අංග ලක්ෂණ ද පිළිඹිඹු කරන්නකි.සරලවම කිව්වොත් ට්‍රැජිකොමඩියකි.( Tragicomedy)


කෙසේ වුවත් මහනුවර යනු මේ මොහොතේ ලාංකේය රගර් ක්‍රීඩාව තුළ සිටින අති විශිෂ්ඨම ක්‍රීඩා සමාජයක් බව අපි පවසන්නෙමු.නමුත් හැකියාව සහ දක්ෂතාවය යනු ඇගයීමට,ගරු කරන්නට අවස්ථාවක් මිස ක්‍රීඩාවේදී බැරිම සහ හැකිම කණ්ඩායම් දෙක ගැටෙද්දී ද නිර්මාණය වන සමාන අවස්ථා එක් අයෙකු වෙනුවෙන් වෙනස් කරන්නට කාරණයක් නොවේය.


දැන් මේ තත්ත්වය මත මහනුවර නොමැතිව හෙට සිට ඇරඹෙන නිපොන් කුසලානය සඳහා වන ක්ල්ෆර්ඩ් රග්බි තරගාවලියේ තරග කාල සටහන පහත දක්වා ඇත.රගර් වෙනුවෙන් අප එයද පහතින් දක්වා ඇත.
මීට වෙනස් අදහසක් ඇතිනම් අපි එයට ද මේ ඉඩ වෙන් කර දෙන අතර අප දැඩිව විශ්වාස කරන්නේ පරිපාලනයක තිබිය යුතු සෘජු බව සහ ව්‍යවස්ථාපිතව තීරණවල සාමූහිකත්වය පුද්ගල වෙනස්වීම් සමග වෙනස් කිරිම නොකළ යුතු බවය.එසේම දක්ෂයෙක් හෝ විශිෂ්ඨයෙක් පොදු එකඟතාවල ක්‍රියා කරනු විනා එයට අසාමාන්‍ය වරප්‍රසාද බලාපොරොත්තුවීම සිඳු නොකළ යුතු බවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan