*
Friday, September 20, 2024
spot_img

Latest Posts

එපා උනත් ඕනෑ වූ IMF – ප්‍රධානීන් දෙදෙනෙකු සඳුදා ලංකාවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකු ලබන සඳුදා (14) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙරට රජයේ ආරාධනයක් අනුව IMF නියෝජිතයන් පැමිණෙන බවයි වාර්තා වන්නේ.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව IMF හමුවට යායුතු බවට ආර්ථික විශේෂඥයන්, දේශපාලන පක්ෂ ආණ්ඩුවට දැඩිලෙස බලපෑම් සිදුකළ අතර කෙසේ නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන් දිගින් දිගටම ප්‍රකාශ කළේ IMF හමුවට යාමට තරම් අර්බුදයක් නොමැති බවයි. එසේම ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ විය නොහැකි බවද ආණ්ඩුවේ නියෝජිතයන් දිගින් දිගටම අවධාරණය කළේය.

කෙසේ නමුත් මේ වනවිට ආර්ථික අර්බුදය උග්‍ර තත්වයට පත්ව ඇති අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ රට බංකොලොත් වීම ආසන්නයේ බවයි.

ඒ අනුව අවසානයේදී IMF සහාය ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර මෙරටට පැමිණෙන IMF ඉහළ නියෝජිතයන් දෙදෙනා සඳුදා දිනයේදීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය. ඉන් අනතුරුව අඟහරුවාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත අතර මෙම සාකච්ඡාවලදී දෙපාර්ශ්වය අතර එකඟතා පිළිබඳව සාකච්ඡා වනු ඇත.

ණය ආධාර ලබාදීම සඳහා වූ කොන්දේසි ඇතුළත් යෝජනාවලියක් IMF ප්‍රධානීන් විසින් ආණ්ඩුවට ලබාදීමට සූදානම් වන බවද වාර්තා වේ.

ණය ලබා ගැනීමට අදාල ඉදිරි කටයුතු වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මැද භාගයේදී වොෂින්ටන් නුවර IMF මූලස්ථානය වෙත යෑමට නියමිත බවද වාර්තා වේ. එහිදී ණය ලබා ගැනීම සම්බන්ධ අවසන් ගිවිසුම්වලට එළඹෙනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan