ජනපති රනිල් සහ පොහොට්ටුව අතර ලොකු පරස්පර විරෝධයක් තියෙනවා. ජනාධිපතිවරණය ගැන ඒ වෙලාවට බලමු – නාමල්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ප්‍රතිපත්තිමය වශයෙන් විශාල පරස්පර විරෝධයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා. හැම ආණ්ඩුවෙම තියෙනවා. හැබැයි මේ ආණ්ඩුවේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමායි පොදුජන පෙරමුණයි අතර ලොකු පරස්පර විරෝධයක් තියෙනවා ප්‍රතිපත්තිවල. ඒ ප්‍රතිපත්තිමය ගැටුම තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න බෑ, මොකද ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ අවුරුදු 45 දේශපාලනය වෙනස් වෙලාත් නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ අවුරුදු 55 දේශපාලනය වෙනස් වෙලාත් නෑ. ඉතින් අපි කළයුතු දේ තමයි එක පැත්තකින් මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න සහ ආයෝජන ගේන්න අවශ්‍ය ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙන්න ඕනෙ, හැබැයි අත්තනෝමතික ලෙස කොළේ වහලා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න පෞද්ගලීකරණය සහ පාඩු ලබනවාය කියන බොරු වාක්‍යය පාවිච්චි කරනවා නම් ඒකට විරුද්ධව අපි සටන් කරනවා”

ප්‍රශ්නය – දැන් මේ යන විදියට ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති අපේක්ෂකයා විදියට නම් කරන එකක් නෑ නේද ?

“ඒ සියලු කාරණා අපට තීන්දු කරන්න වෙන්නෙ ජනාධිපතිවරණයකට දින නියම කළාම. ඒක මං හිතන්නෙ අද අපි කලබල වෙන්න ඕනෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමග නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...