උද්දික පුතාගෙන් හිස්වුණු පුටුවට එන මුතූ

Date:

උද්දික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (27) දිනයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබුණු අතර ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ලබාගෙන සිටින එස්. සී. මුතුකුමාරණ මහතාට මන්ත්‍රී ධුරය හිමිවනු ඇත.

මැතිවරණ කොමිසම විසින් අනුමත කිරීමෙන් පසුව ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගැසට් කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...

පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!

දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...