එළවළු මිල මාස හයකට පසු අඩුවෙලා,දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන කතා

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): වාර්තාගත ලෙස මාස හයකට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් ගෝවා මාලු මිරිස් ලීක්ස් ඇතුළු එළවළුවල මිල අඩු වී තිබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වේ.

පසුගිය දිනවල රුපියල් දෙදහසකට ආසන්න අගයක් ගත් කැරට් කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් 300 ක්ද ලීක්ස් මිල 190ක්ද ගෝවා කිලෝවක තොග මිල 300ක්ද බෝචි කිලෝවක් රුපියල් 420ක් ලෙසද සටහන් වීම විශේෂත්වයක් බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කරයි.

රතුලූනු කිලෝවක් රුපියල් 230ක් ලෙසත් සුදු ලුනු කිලෝව රුපියල් 530ක් ලෙසත් එහි සටහන් වේ.

මල් ගෝවා කිලෝවක් රුපියල් 350 අගයක්ද බෝංචි කිලෝවක් රුපියල් 420ක් වැනි මුදලකට අලෙවි වී තිබේ.

පිපිඤ්ඤා කිලොවක තොග මිල රුපියල් 40ක් ලෙසත් දෙහි කිලෝවක් රුපියල් 100ක් ලෙසද රාබු කිලෝවක් රුපියල් 50ක් ලෙසද එහි සඳහන් වී ඇත.

වම්බටු කිලෝවක තොග මිල රුපියල් 100ක් ලෙසත් අනෙකුත් එළවලු වර්ග රුපියල් 230ත් රුපියල් 700ක් අතර අලෙවි වී ඇති අතර තිබ්බටු කිලෝවක රුපියල් 700ක් ලෙස වැඩිම මිල සටහන්ව ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...