චමරි අදත් නැහැ

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 28 කොළඹ (LNW): ඉන්දීය කාන්තා ප්‍රිමියර් තරගාවලියේ පළමු ක්‍රීඩිකා වෙන්දේසියේදී ඉන්දීය ලීග් කණ්ඩායම් විසින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ මෙවර අයිසීසී සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු පසුව යූපී වොරියර්ස් කණ්ඩායමට ඇතුළත් කර ගත්තද ඔවුන් අද සහභාගි වන තෙවන තරගයේදී පළමු එකළොස් දෙනා අතරට නම් කර නැහැ.ඕස්ටේල්‍රියානු නායකා අයිෂා හීලි නායකත්වය දරන මෙම කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වුණ ද,ඔවුන් විසින් සම්මානනීයව ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ චමරි අතපත්තු කණ්ඩායමට වද්දා නොගනිමින් අතිරේක ක්‍රීඩකයන්ගේ පුටුවේ හිඳුවා තබන්නට කටයුතු කරනවා.


මුල් අවස්ථාවේදී චමරි ඉන්දියානු ලීගයට තෝරා නොගැනීම ගැන ලෝකයේම බොහෝ දෙනෙක් විමතිය පළ කළ අතර ඒ අනුව යූපී වොරියස් කණ්ඩායම සිය කණ්ඩායමේ ඇති වූ පුරප්පාඩුවකට චමරිව කැඳවා ගත්තේ,කණ්ඩායමෙන් ඉවත් වූ විදෙස් ක්‍රීඩිතාවට ගෙවූ මුදලටමයි.ඒ ආකාරයට ලොව සිටින ප්‍රබලම ක්‍රීඩිකාවක් වන චමරි,ජාතික මට්ටමෙන් පමණක් දස්කම් දක්වන සමහර ඉන්දීය ක්‍රීඩිකාවන්ට ගෙවන මුදලටත් අඩු මුදලකට මිල දී ගෙන ඇයට ක්‍රීඩා කරන්නට නොදෙමින් මානසිකව පීඩාවට ලක් කිරීම ක්‍රීඩාවේ මහත්මා ගණ්ය ගැන කිසිවෙකුට හෝ පිළිගන්න බැරි පහත් හැසිරීමක් බය අපි විශ්වාස කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...