අහුන්ගල්ල පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට වෙඩි තැබීමක්!

0
142

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): අද (01) දහවල් අහුන්ගල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය,

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු බව සඳහන් වේ.