මෙරට විදුලිබලය වෙනුවෙන් ඉන්දියාවෙන් ඇ.ඩො.මි.10.995ක ප්‍රදානයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): අද (01) දින යාපනය දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම සිදුව තිබෙන අතර, ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් කර ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට නියමිත අතර, කිලෝ වොට් 530ක සුළං බලය, කිලෝ වොට් 1700ක සුර්ය බලය, කිලෝ වොට් පැය 2400ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය 2025 මාර්තු වන විට වැඩ අවසන් කිරීමට නියමිත බව තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ චෙන්නායි ජායාරූප ශිල්පියෙකු මෙරරට ගෙන ආ “කුෂ්”!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW : ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක...

අද තැන තැන වැසි – කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : අද (14) දිනයේ...

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...