පුවත්

අවස්ථා දෙකකදීම නොගැලපුණු සාරාගේ DNA මෙවර ගැලපෙයිද? (VIDEO)

කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව අද (27) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තිය මියගොස් ඇතිද යන්න යළි තහවුරු කරගැනීම සඳහා අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු කොටස් ගොඩගැනීම සිදු විය.

බැසිල්ගේ සෙරෙප්පු සුප් බීපු ඩීල් කාරයෝ දැන් අපිට චෝදනා කරනවා – සජිත්ගෙන් වාසුට පිළිතුරු (VIDEO)

69 ලක්ෂයක්, 68 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ 145කට වැඩි බලයක් සහ 2/3ක බලයක් ලබා දීලා ඒ නිර්මාණය කරපු ඒ ආණ්ඩුව රට වට්ටලා තිබෙන මොහොතක ඒ හොර හැත්තත් එක්ක අපේ කිසිම ඩීල් එකක් නෑ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පිළිතුරු දීමේ අයිතිය : හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ගේ ප්‍රතිචාරය

එසේම මීට කොහෙත්ම අදාළ නොවන බැඳුම්කර හොර කතාවක් ද ඔහුගේ පිළිතුරෙහි ඈඳා ඇති අතර බැඳුම්කර හොරකම් සිදුවුණු ආණ්ඩුවක් යටතේ සදාචාරය පැත්තකින් තබා ආණ්ඩුකාරකම් කළේ අප නොව ඒ මහතා ඇතුළු තුන් කට්ටුව බවත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අතිශය බැරෑරුම් ලෙස චෝදනා එල්ල වී සිටින මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සමීප අගසවුවන් වශයෙන් මොවුන් කටයුතු කළ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු සඳහා පෙනී සිටින්නේ ද මේ තුන් කට්ටුවෙන් එක් අයෙකු වන මෛත්‍රී ගුණරත්න මහතා බව ද සිහිපත් කරනු කැමැත්තෙමු.

යුපුනා ජපනාට වඩා හපනා වෙයි

යුපුන් අබේකෝන් ආසියාතිකයෙකු මීටර 150 ක දුරක් සඳහා වාර්තා කළ හොඳම කාලය වාර්තා කරන්නට සමත් වුණා.වර්ථමානයේ මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාව දරන යුපුන් 2020...

සමස්ත මහා වැඩවර්ජනයට වෘත්තීය සමිති එකින් එක එක්වෙයි!

හෙට (28) දිනයේ ක්‍රියාත්මක සමස්ත මහා වැඩවර්ජනයට රජය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු සියලුම ක්ෂේත්‍රවල වෘත්තීය සමිති එක්වෙමින් සිටිනවා.

Popular

spot_imgspot_img