*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

යුපුනා ජපනාට වඩා හපනා වෙයි

යුපුන් අබේකෝන් ආසියාතිකයෙකු මීටර 150 ක දුරක් සඳහා වාර්තා කළ හොඳම කාලය වාර්තා කරන්නට සමත් වුණා.වර්ථමානයේ මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාව දරන යුපුන් 2020 ඔලිම්පික් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත්ව මීටර් 100 තරගය නියෝජනය කරන්නට සමත් වූ ක්‍රීඩකයෙක්.

යුපුන් ඉකුත් ඉරුදින ඉතාලියේදී මේ වාර්තාව තබන්නේ මීටර් 150 ඉසව්ව තත්පර 15.16 ට නිමා කරමින්.ඊට පෙර එම වාර්තාව දරා සිටියේ ඔලිම්පික් රිදී පදක්කමකට උරුමකම් කියන ජපානයේ යොෂිඩේ කිර්යු යි.ඔහු 2016 වසරේ දී රියෝ ඔලිම්පික් උළෙලේදී ජපානයට මීටර් 100 රිදී පදක්කම දිනා දෙන්නට සමත් වූ සහය දිවීම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

යුපුන් මේ වාර්තාවට ළඟා වෙමින් යොෂිඩේ පසුකර යාම අතිශයින් වැදගත් වෙනවා.ඊට හේතුව යොෂිඩේ ලෝක මට්ටමෙන් 2017 මෙන්ම 2019 දී,මීටර් 100 ජපාන සහය දිවීමේ කණ්ඩායමට ලෝක මලල ක්‍රීඩා සූරතාවලිවලදී ලෝකඩ පදක්කම දිනා දෙන්නට දායක වූ ක්‍රීඩකයෙක්.2015 දී ඔහු ලෝක සහය දිවිමේ තරගාවලියේදී එම දස්කමම ජපානය වෙනුවෙන් කරන්නට සිය දායකත්වය සපයා තිබෙනවා.

යොෂිඩේ ආසියානු තරගාවලියක රන් පදක්කමක් දිනා තිබෙන්නෙත් මීටර් 100 සහය දිවීමේ තරගයට වන අතර,ඔහු එම දස්කම සිඳු කරනු ලබන්නේ 2018 වර්ෂයේදී යි.2019 ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී ඔහු මීටර් 100 කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වෙනවා.මේ වන විට 26 හැවිරිදි යොෂිඩේ කණිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස ද දසකම් දක්වමින් ක්‍රමානුකූලව සිය දස්කම් පෙරට ගෙන ආ ක්‍රීඩකයෙක් වන අතර ඔහු 2014 දී ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ජපනාවයට මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා දෙන්නට දායක වෙනවා.එමෙන්ම එම ක්‍රීඩා උළෙලේ මීටර් 100 කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනන්නේද යොෂිඩේ යි.

මේ කරුණු සළකා බලන විට යුපුන් අබේකෝන් අතින් බිඳ වැටෙන්නේ ලෝකයේම අවධානය දිනා ගත් ක්‍රීඩකයෙක්ගේ වාර්තාවක් වීම අතිශයින් වැදගත්.එසේම පෞද්ගලිකව ඔහුට සිය ක්‍රීඩා ජීවිතය ඉදිරියට හැඩ ගසා ගන්නට අවශ්‍යය මානසික ශක්තිය වැඩි කරන දස්කමක්.

RM

යුපුන්ට පෙර එම වාර්තාව දැරූ ජපානයේ යොෂිඩේ කිර්යූ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan