පුවත්

ධනුෂ්ක – කුසල් – දික්වැල්ල තුන්කට්ටුවගේ තරග තහනම ඉවත් කරයි

විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත තරග තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ එම තරග තහනම ඉවත් කර තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට යළිත් ජාතික සංචිතයේ දොරගුළු විවෘත වනු ඇත.

චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා – දයාසිරිගෙන් ශ්‍රීලනිප සංවිධායකයන්ට අවවාද

123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එන්නත් අනිවාර්ය කරන්න අපිට බලයක් නෑ හැබැයි එන්නත් කාඩ්පත අනිවාර්යයි – කෙහෙළිය

මෙරට ජනතාවට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් අනිවාර්ය කිරීමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊට අදාල නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

බැසිල්ගේ මල්වාන නඩුව : සාලිය පීරිස් මුදිත ජයකොඩිව නිරුත්තර කරයි

මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවෙසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් කඩේසන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (07) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

ගුවන් හමුදාවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

Popular

spot_imgspot_img