කටකතා

      ඩලස් ඊයේ වෙනකල්ම අගමැති, අද අකැමැති !

      ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඊයේ (09) දිනය වනතුරුම ඩලස් අලහප්පෙරුම මහතා කැමැත්තෙන් සිටියත් අද දිනයේදී ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

      ඇමතිකම් 15 කට සීමා කිරීමේ යෝජනාවත් රිවස් !!

      නව අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුට පමණක් සීමා කිරීමේ යෝජනාවත් අත්හැර දැමීමට ආණ්ඩුවට සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      30 කැබිනෙට්ටුව 15ට අඩුකරයි. විදුලිබල හා බලශක්ති එකතුකර මහින්දානන්දට ?

      මීළඟ කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සීමා කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      එපා කියූ මුදල් ඇමතිකමට අලි සබ්‍රි යළි හා කියයි. කැබිනට්ටුව දිවුරුම් දීමට සූදානම් ?

      මුදල් අමාත්‍ය ධුරයට පත්ව දිනක් තුළ ඉල්ලා අස්වූ මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟතාව පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …

      පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.

      Popular

      spot_imgspot_img