කටකතා

      අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි ….

      ඒ අනුව, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාගේ බලතල යටතේ සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

      මහින්ද රැකගන්න හෙට අරලියගහ මන්දිරයේ පස්සා දොරෙන් එන්න කියලා …. !!

      අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව රැකගැනීම සඳහා හෙට (09) දිනයේදී අරලිගහ මන්දිරයට අති විශාල සෙනඟක් ගෙන්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ.

      මේ නිහඬ බව බිඳින්න – තව මොනවා හරි කියන්න : පාදෙනිය, කෝ ඔයා ….??

      රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කලක පටන් මාධ්‍ය ඉදිරියට එන්නේම නැත. අවසන් වරට ඔහු මාධ්‍ය හමුවකදී දුටුවේ ඔහුගේ ද දායකත්වයෙන් යුත් වෘත්තිකයින්ගේ පෙරමුණක මාධ්‍ය හමුවකදී තමන් කාබනික පොහොර වැඩසටහනට සම්බන්ධ නැතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නැයි තම සගයෙකුට රහසින් උපදෙස් දෙන වීඩියෝවකිනි. එදාත් පාදෙනිය ඒ මාධ්‍ය හමුව ඇමතුවේ නැත.

      සඳුදාට ඉල්ලා අස්වන බවට අගමැතිගෙන් පොරොන්දුවක්. ළඟදීම ඡන්දයක් ??

      ලබන සඳුදා (09) දිනයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.

      අන්තරේ කොල්ලනේ මේක තේරුම් ගනිල්ලා – පොහොට්ටුවේ පතිරණගෙන් පණිවිඩයක් …

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ.

      Popular

      spot_imgspot_img