දේශපාලන පුවත්

පක්ෂ රැසක් ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන ලකුණු – සජබ තීරණය හෙට

සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන බව ජාතික ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

කැප කිරීම පටන් ගත යුත්තේ පාලකයායි. එහෙම නැතිව ජනතාවගෙන් ඉල්ලන්න එපා – සජිත් (VIDEO)

කැප කිරීම තුළින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බැසිල්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට ඉල්ලීමක්. තෙල්, ගෑස් පෝලිම් ගැනත් අනාවරණයක් …

ඉන්දීය රජය විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ලබාදුන්නේ කිසිදු විශේෂ කොන්දේසියක් පැනවීමෙන් තොරව බවත් එහි පොළී සහ වාරික ගෙවීමට ඇත්තේ වසර තුනකින් පසුව බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

IMF යන්න කියලා මම 2020 දීම කිව්වා. අපට ඩොලර් බිලියන 5ක ව්‍යාපෘති ගන්නත් තිබුණා – රනිල් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වී ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලබාගැනීමට කටයුතු කළයුතු යැයි තමන් 2020 වසරේදීම පැවසූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපතිගේ කතාවෙන් පේන්නේ එතුමාට IMF ගැන හරියට උපදෙස් ලැබී නැති බවක් – හර්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශය අනුව පෙන්නුම් කෙරෙන්නේ එතුමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනු සම්බන්ධයෙන් නිවැරදි දැනුවත් කිරීමක් ලැබී නොමැතිය යන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Popular

spot_imgspot_img