දේශපාලන පුවත්

ඩොලර් අර්බුදය හේතුවෙන් අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කරයි

නව වසරේ මුලදී නියමිතව තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි සංචාරය අවලංගු කර තිබෙනවා. ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලු හේතුවෙන් මෙම සංචාරය අතහැර දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.

ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බවත් නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් අතර අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වන පී.බී. ට මුදල් අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් ?

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව මුදල් අමාත්‍යාංශයෙහි ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරට පත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

අගමැති මහින්ද නව වසරේ ඩුබායි සංචාරයකට …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. ඩුබායිහි පැවැත්වෙන 2020 එක්ස්පෝ ප්‍රදර්ශනයෙහි ගෝලීය උත්සවය...

Popular

spot_imgspot_img