ඩොලර් අර්බුදය හේතුවෙන් අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කරයි

Date:

නව වසරේ මුලදී නියමිතව තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි සංචාරය අවලංගු කර තිබෙනවා. ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලු හේතුවෙන් මෙම සංචාරය අතහැර දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.

ඩුබායි පාලක මොහමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් මහතාගේ ආරාධනයකට අනුව අගමැතිවරයා ඩුබායිහි සංචාරය කිරීමට නියමිතව තිබුණේ ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසයි. ජනවාරි 02 වැනිදා ඩුබායි බලා පිටත්වීමෙන් පසු ජනවාරි 03 වැනිදා අදාල ප්‍රදර්ශනයට සහභාගිවීමට නියමිතව තිබිණි.

ජනවාරි 03 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය ලෙස නම්කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයට සහභාගි වීමට වඩා රටේ පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් බැවින් අගමැතිවරයා මෙම සංචරය අවලංගු කිරීමට තීරණය කර ඇති බවද යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...