08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාවට සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාමයෙන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හිදී,  දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ලබන මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එහි සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සිදු කිරීමට නියමිත අතර සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 24 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණු අතර  “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” (Walk Together in Harmony and Gather the Wisdom of the Silk Road) මෙවර එහි තේමාවයි.

මෙම වට මේස සාකච්ඡාව සඳහා රටවල් 22ක් සහභාගී වීමට නියමිතව ඈත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...