Thursday, September 28, 2023
spot_img

Latest Posts

සිංහයා නැතත් කඩුව සහිතයි

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට වසර සියයකට වඩා වයසයි.ක්‍රීඩාවක් වයසට යනවා කියන්නෙ සිරුරක් වගෙ වැහැරී හැකියාව අභිබවා නොහැකියාව මතුවීමට නෙමෙයි.ලෝකය සමඟ යාවත්කාලීන වෙමින් ශක්තියෙන් වැඩෙන,හැකියාවෙන් දිදුලන තත්ත්වයට පත්වීමටයි.සමහර විට මේ තත්ත්වය වෙනස් වෙන්නෙ ඒ පොළවෙ දේශපාලනයේ හැසිරීම එක්ක.ලෝකයේ රටවල්වල පාලනය සිද්ධ වෙන ආකාරයටම තමයි ක්‍රීඩාවට ආශිර්වාදය සහ ශක්තිය එකතු වන්නෙ.හුගක් දෙනා අපි ඉතිං ස්පෝර්ටස් විතරයි,පොලිටිකල් වැඩක් නැහැ කිව්වට ක්‍රීඩාවේ අස්ථානය තීරණය කරන පදනමත් දේශපාලනිකයි.පුරවැසියෙක් විදිහට තීරණ ගන්න ලැබෙන හැම අවස්ථාවෙම මිනිස්සු මං කියන සංකල්පය අත ඇරලා රට කියන සංකල්පයට සමීපව තීරණ ගන්න පෙළඹෙනවනම් සහ වැඩ කරන්නෙ ඒ පදනම මත පිහිටානම් රටේ හැම දෙයක්මත්,ක්‍රිඩාවත් ලෝකයට සාපේක්ෂව යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
ආරම්භයේ රගර්වල වයස පදනම් කර ගත්තෙ ලංකාවෙ දේශපාලනය ලපටි රගර් ඉතිහාසයක් ඇති රටක ආධිපත්‍යයට මේ රටේ රගර් දිය කර අරින්න ගත්තු උත්සාහයක අත්වැල් ඇල්ලීම නිසා.මේ බොර දියේ මාළු බාගන්න බලා ඉන්න පිරිස ඒ හරහා අවස්ථාවන් ලබමින් තමන්ගේ රටේ තමන් ක්‍රිඩා කළ රගර්වල ස්වාධීනත්වයට හානි කරන කණ්ඩායම් එක්ක හිටගෙන දේශපාලනය එක්ක තුරුල් වුණේ ඇයි කියන එක දේශපාලනයට තේරෙන කොට රගර් ආසියානු ක්‍රීඩා උළෙලෙ පදක්කමකට තරග වදින්න පුළුවන් මට්ටමක තිබුණෙ නැහැ.තිබුණෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙ.එතනදි අසාධාරණ විදිහට බැට දෙන ශ්‍රී ලංකා රගර්ම අඩියත් පස්සට අරගෙන තමන්ගේ සභාපතිවරයා පැත්තකින් තියලා,රට ආසියාව දිනන වැඩේට අරගෙන යන්න පාර හැදුවා.


ඒ වෙනකොට ජාත්‍යන්තර විසින් ලංකාවෙ රගර් තහනම් කරලා,ආසියාවේ උවමනාවන් එක්ක හැසිරුණු දේශපාලනය අනිසි විදිහට රගර්වලට බලපෑම් කිරීම නිසා දේශපාලන අතපෙවීම් කියලා ඒ තහනම් සහතිකයෙ මුද්‍රණය කරලම දීලා තිබුණා.ඒ අවස්ථාවේ දේශපාලනයට ඇති වන පැල්ලම මකා ගන්න අවශ්‍යය වුණත් අමාත්‍යවරයාම අවස්ථාව දුන්න අවස්ථාවාදයට ඕනි වුණේ රටේ රගර් නෙමෙයි තමන්ගෙ ප්‍රතිවාදියා පසු පසට තල්ලු කරලා,ශ්‍රී ලංකා රගර් මත අපකීර්තිය පටවලා හිනාවෙන්න.


නමුත් ආසියානු ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ඇඳ පෙන්නපු චිත්‍රයෙන් ටක්කෙටම ආසියානු රගර්වල හැඩය තේරුම් ගත්තා.සංවාදය ඇරඹීමත් සමඟ ආසියානු ඔලිම්පික් ද ඉක්මවමින් ආසියානු රගර් සභාපතිවරයාට ලංකාව මේ තරගාවලියෙන් ඉවත් කර තැබීමේ ද්වේශ සහගත උවමනාවත් එළියට ආවා.ඒ මොහොතෙ ආසියානු ඔලිම්පික්, තමන් යටතේ වැඩ කළ යුතු නොමේරු ආසියානු රගර් සම්මේලන ප්‍රධානියාට පෙන්වා දුන්නෙ උඹ අපි කියන විදිහට වැඩ කරන්න ඕනි නැත්නම් රගර්ම ඉවත් කර දැමීමේ බලය තමන්ට තියෙන බවයි.
ඒ විදහට ශ්‍රී ලංකා ටස්කර්ස් නමින් පතළ ශ්‍රී ලංකා රගර් සිංහ ධජය,ජාතික ගීතය අහිමි කරගෙන චීනයේ පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ රගර් පදක්කමක් වෙනුවෙන් තරග වැඳෙන්න පෙරට එනවා.චීන තායිපේ සහ කොරියාව සිටින කාණ්ඩයේ තරග වඳිනවා.කණ්ඩායමේ නම ශ්‍රී ලංකාව නොවී ආසියානු ඔලිම්පික් කණ්ඩායම ලෙස නාමකරණය කරන්න එකඟ වෙලා තියෙනවා.නමුත් විවිධ වූ අවස්ථාවාදී උවමනාවන්ට සිංහයාව අහිමි කරන්නට හැකි වුණත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පොළවේ ජන්මය සමඟ ලැබෙන උරුමයක් වන ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.පිළිඹිබු කිරීම සංකේතවත් වන අසිපත හෘදය පත්ලේම ඇතුවාට සැක නැත.ඔවුන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඇති කරන ලද අපකීර්තියට එරෙහිව සහ නැති කරන ලද අවසථාවන්ට එරෛහිව ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ දී සැප්තැම්බර් 23 වැනිදා සිට 27 වැනිදා දක්වා චීනයේ හැන්ග්ෂු හිදී තරග වඳිනු නිසැකය.
පවිටු සිත් ඇති දෙස් විදෙස් රෑන් එක පොකුරට ගොනු වී ශ්‍රී ලංකා රගර්වලට එරෙහිව බැඳි අශුද්ධ සංධාන නිශ්ක්‍රීය කරන්නට දැරූ මායම්කාරී වෑයම් හමුවේ ඒ උත්සාහයන් නිශ්පල කරමින් රගර් ක්‍රීඩාවේ ශක්තිය දෙස් විදෙස් පිටිවල ජයග්‍රාහීව තබන්නට 2022 – 2023 වසරවලට පෙර සිටම සවිය දුන් අනුග්‍රාහකයන් අතර සිටි විහාල කණ්ඩායමක් මේ මොහොතේ දී ධජය නැතුව වුව ආසියාව ජය ගන්නට සුදානම් රගර් සිංහ පෝතකයින් වෙනුවෙන් අනුග්‍රහයට පැමිණ සිටියි.ඒ අතරින් කවදත් පෙරමුණේ සිටි නිපොන් පේන්ට් පෙරමුණේම රැඳී සිටින අතර සම අනුග්‍රාහකයන් වනු ලබන්නේ වෙබෙක්ස් පේ , සිලෝන් ඇග්‍රෝ-ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (කොත්තු මී) සහ සිග්නේචර් (හමීඩියා) යන ආයතනය.
මෑත ඉතිහාසයේ දැවන්ත දේශපාලන වෙට්ටු මැදින් නැඟී සිටින්නට වෙර දරන විට ක්‍රිඩාව වෙනුවෙන් දේශපාලනය නොතකා රගර් සමඟ සිටගත් එම අනුග්‍රාහකත්වයන් මේ මොහොතේත් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයන්ගේ හයියට ළඟ සිටීම ස්තූති පූර්වකව සිහි කළ යුතුමය.
අමාත්‍යාංශ පරිශ්‍රයේ නවාතැන් පහසුකම් ලබා දීම, ආහාර, වෛද්‍ය පහසුකම්, ගුවන් ප්‍රවේශපත්‍ර, රක්‍ෂණ සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විශේෂයෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු ච මේ මොහොතේ ස්තූතිය ලැබිය යුත්තෝය.
ගරු ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා සමග සමග නිරන්තර සන්නිවේදනයේ නිරත වන අතර,අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන්, අලුතින් පත් වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු, ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය අංශයේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ හි වෛද්‍ය මයියා ගුණසේකර මහතා, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – සභාපති ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ අර්ජුන රණතුංග මහතා , ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් අර්ජුන් ප්‍රනාන්දු යන නියෝජිතයින් විසින් සහ ලෝක රග්බි සහ ආසියා රග්බි නියෝජිතයින් ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (OCA) ධජය යටතේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ලෝක රග්බි සංගමයේ අනුමැතිය ලබා ගැනීමට කෙසේ හෝ සමත් විය.
මුල සිටම ශ්‍රී ලංකා රගර් හී නීත්‍යානුකූල අනන්‍යතාවය ස්වාධීනත්වයේ අභිමානය වෙනුවෙන් සෘජුව නිර්භීතව පෙනී සිටි ජාතික ඔලිම්පික් කමිටුවට හා එම කාර්යේ දී මූලකත්වය ගත් සුරේෂ් සුබ්‍රමනියම් සහ මැක්ස්වෙල් ද සිල්වා කළ අගනා කාර්‍යභාරය ද ඉතා අගය කොට සැළකිය යුතුය.


වඩාත්ම අගය කළ යුතු වන්නේ එක්සත් රාජධානියේ කීර්තිමත් ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන ෆිල් ග්‍රීනින් ගේ අන්තර්ජාලය හරහා සියලු පුහුණු කාර්යයන් අධ්‍යයනය කරමින් ලබා දුන් උපදෙස් හා සේවාවන්ය.ශ්‍රී ලංකා රග්බි ඉහළ කාර්ය සාධන කළමනාකරු කමල් ජයතිලකගේ සහය ඇතිව වර්තමානයේ ජාතික සත් සාමාජික රග්බි ප්‍රධාන පුහුණුකරු දුෂාන් ලෙව්කේ කරන කාර්ය භාරයද අගය කළ යුතුමය.


තරින්ද රත්වත්තේ නිරන්තරයෙන් ආසියාවේම අවධානයට පත් ක්‍රීඩකයෙකි.ඔහු ඇතුළු සත් සාමාජික කණ්ඩායමට සිය පරවේනී ලාංකේය උරුමය සමඟ එකතු වන ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන ශ්‍රී ලාංකිකයෙකු වන ඇඩම් ගවුඩර් ද විවිධ බාධා කිරිම් මැද ශ්‍රී ලංකාව පැමිණි ගමන් මඟ ජයග්‍රාහී අවසානයකින් කෙළවර කරමින් ලපටි ආසියාතිකයන්ට වසර ශතකයක් ඉක්මවන ශ්‍රී ලංකාවේ රගර් ඉතිහාසයට අයිති මේරු කම පහසුවෙන් බිඳිය නොහැකි බව පෙන්වනු ඇතැයි යන්න අපේ සිහිනයය.රගර් ක්‍රීඩකයා ජයග්‍රහණය සඳහා ප්‍රතිවාදියා පෙරළාගෙන අභිබවා යා යුතුමය.ඉතිං තරින්ද ගේ බල ඇණිය එය ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.පාට,සත්තු අදාළම නැත.ආසියාව පෙරළන්නට ඔවුන්ට හැකි වූ පසු දසකින නැඟෙන හඬ ශ්‍රී ලංකාම වනු ඇත.
එසේම මේ සියල්ලට ශක්තිය වෙමින් ශ්‍රී ලංකා රගර් ස්වීය අභිමානය සහ ස්වාධිනත්වය වෙනුවෙන් ක්‍රිඩාවත් ක්‍රිඩකයාත් වෙනුවෙන් කරල ලද අභීත සටන්කාමී පියවර ආසියානු තරගාවලියේදී විජයග්‍රහණයකින් කෙළවර වී පටු අදහස් ඇත්තන්ගේ බලකාමය පරාජය වේවා යන්න ද අපේ පැතුමය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.