10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ වන විට අවසන් කර ඇති හෙයින් බිය නොවී රට තුළ ආයෝජනය කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඇතැම් දේවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපෘතිය සමඟ යන බැවින් ඒවා එකවර වෙනස් කළ නොහැකි බවත් එහෙයින් ඇතැම් බදු සහන එකවර ඇති කළ නොහැක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආර්ථිකය ශක්තිමත් වේගයට අනුව එම සහන ස්ථාපිත කළ හැකි වන බවද ඔහු ප්‍රකාශ කළේය.

”මේ රට ලෝකයේ ලස්සනම පොහොසත්ම රට බවට පත්කරන්න ඕනේ. ඒ අභියෝගය රජයක් විදිහට තනියම කරන්න අමාරුයි. ව්‍යාපාරික ඔබ මේ රටේ සියලුම ජනතාව ඒකරාශී වෙලා තමයි එකමුතු වෙලා තමයි මේ තත්ත්වයෙන් රට වෙනස් කළ යුත්තේ. ඒ වගකීම භාරගන්න ඔබ සූදානම් බව අද අපිට ඉතාම පැහැදිලියි. අපි ඔබේ ව්‍යාපාර ශක්තිමත් කරන්න විවිධ ක්‍රියාමාර්ග ගණනාවක් පහුගිය කාලේ ගත්තා. මේ පුංචි කාලය තුළ ඔබට දැන් බය නැතුව ලංකාවේ අලුත් ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරලා තියෙනවා. කලින් වගේ බිස්නස් එකක් පටන් ගන්න කොට ඇමතිවරුන්ට දේශපාලකයින්ට විවිධ ගතමනා දෙන්න අතමිට සරුකරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපේ ආණ්ඩුවේ කිසිම ඇමති කෙනෙක් කිසිම දේශපාලන බලධාරියෙක් එහෙම දේවල අනුමත කරන්නෙත් නැහැ. එහෙම දේවල් කරන්නෙත් නැහැ. ඒ සහතිකය ඔබට දීලා තියෙනවා. ඉස්සර එහෙම නෙවෙයි. 10% දුන්නේ නැත්නම් ඔබට ව්‍යාපාර විදිහක් නැහැ. ඒ නිසා බය නැතුව ඔබ ලෝකය පුරා ගිහිල්ලා අවුරුදු ගාණක් තිස්සේ හම්බකරගත්ත සල්ලි, විදේශ විනිමය ලංකාවට ගෙනල්ලා ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්න හැකියාව තිබෙනවා.”

මේ අතර ඉදිරියේදී ආයෝජන මණ්ඩලයත් තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (25) ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...