27 තීරණාත්මයි! එකඟතාවක් නැත්නම් දැවැන්ත අර්බුදයකට!

Date:

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක අතර ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නො හැකි වුවහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදු වන බව එක්සත් ජනරජ පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එකඟතාවක් ඇති කර ගත හැකි වුවහොත් ණය ගෙවිය යුතු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“රටේ තත්ත්වය ගත්තොත් මේ මාසේ හරි තීරණාත්මකයි. මේ මාසෙ දි අපි අපේ විදේශ ණය හිමියන් සමග එකඟතාවකට එන්න ඕන. එහෙම එකඟතාවකට එන්න බැරි උනොත් මූල්‍ය අරමුදලේ අනුමැතිය අපට ලැබෙන්නේ නෑ. මූල්‍ය අරමුදල හය මාසයකට පස්සේ ඇවිල්ලා දැන් මේ දවස්වල අපේ කට්ටියව සම්මුඛ සාකච්ඡා කර ගෙන යනවා. මොකක්ද ප්‍රගතිය කියලා අහනවා. මේ 27 වෙනිදා වෙන කොට ඒ එකඟතාව ඇති කර ගන්න ඕනේ. එකඟතාව ඇතිවුනේ නැත්නම් අපිට ඒක ලැබෙන්නේ නෑ ඊළඟ හය මාසේ. ඒ වගේම ලෝක බැංකුව දැන් ඔය අස්වැසුම් පොහොර ගේන්න, බෙහෙත් ගේන්න සල්ලි දෙනවා. ඒවත් ඔක්තෝබර් මාසෙන් පස්සේ නවතිනවා. ඒ අනුව මේ පිටින් පෙන්නන කාරණය නෙමෙයි ඉතාම වැදගත්. මේ මාසේ විසිහත් වෙනිදා වෙන කොට, මේ අපේ ණය හිමියෝත් එක්ක යම් එකඟතාවක් ඇති කර ගන්න. ඒක එකඟතාව ඇති කර ගන්න බැරි උනොත් අපි ලොකු අමාරුවක් ඉදිරි කාලයේ ඇතිවෙනවා. ඊළඟට එකඟතාව ඇති කර ගත්තොත් මොකද වෙන්නේ දැන් අපි ණය සතයක්වත් ගෙවන්නෙ නෑනේ. අපිට ණය ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔය ඉතුරු වෙලා තියෙන ඩොලර් ටික ආපහු ණය ගෙවීම හරහා ලබන අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් එළියට යනවා. හැබැයි ඒකෙන් යම් ස්ථාවරත්වයක් රටට ලැබෙනවා. මේකෙන් එවැනි ස්ථාවරත්වයක් ලැබෙන්නේ නෑ. එකඟතාවකට එන්න බැරි වුනොත්.”

මෙහිදී අපේ රටේ ප්‍රශ්න විසඳෙන නමුත් රට යටින් නාය යන බවයි රණවක මහතා පවසන්නේ.

”රටේ දශක ගණනක් තිස්සේ ගොඩනගා ගත් මහා දැවැන්ත අත්දැකීම්, බුද්ධිය, දැනුම රටෙන් නාය ගිහිල්ලා එළියට යනවා. විශ්ව විද්‍යාල මහාචාර්ය ආචාර්යවරු යනවා. උසස් පෙළ පන්තියේ දරුවන්ට ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් තියෙනවා උසස් පෙළ ප්‍රශ්න පත්තර බලන්න මහාචාර්යවරු ආවේ නැහැ. තව අවුරුදු දෙකක් තුනක් යන කොට ප්‍රශ්න පත්‍රය හදන්න මහාචාර්යවරයෙක් නැති වෙනවා. ඒ වගේම සමහර ආයතන ගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙනවා.

රෝහල් සේවාව ගත්තොත් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු විදේශගත වෙනවා. හෙද කාර්ය මණ්ඩල විදේශගත වෙනවා. මේ ආයතන පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ගුවන් සේවාව ගත්තොත් නියමුවන් හැටක් විතර රට ගිහිල්ලා. ගුවන් යානා කොහොමත් බංකොලොත් වෙලා බිමට වැටිල තිබුණ. දැන් නියමුවෝ නෑ. තියෙන ගුවන් යානයවත් උඩට ගන්න. බිමට වැටිලා තියෙනවා. ඊළඟට ලංකා විදුලි බල මණ්ඩලය. මේ ආයතනය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම නිසා. ආයතනය කෑලි කඩනවා කියපු නිසා බදු ගහපු නිසා, අර පුත්තලම බලාගාරය වගේ වැදගත් ස්ථානවල හිටපු ඉංජිනේරු මහත්තුරු, මේ ඉන්නවා, මේ දාලා ගිහින් තියෙනවා. ටෙලිකොම් ආයතනය, පුද්ගලික අංශය, බැංකුවල, මේ හැම තැනක ම, ඉස්පිරිතාලවල, ප්‍රශ්න විතරයි කතා කරන්නේ. මේ හැම තැනක ම මේක වෙනවා.”

තව අවුරුදු දෙකක්, තුනක් ප්‍රමාද වුවහොත් හදන්න රටක් නොවෙන බවද හෙතෙම කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...