Tag: දුමින්ද දිසානායක

  • ශ්‍රීලනිප ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් !

    ශ්‍රීලනිප ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් !

    සටහන – රෂිකා හෙන්නායක

    අප්‍රේල් 01, , කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින්, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන අය ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 

    දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් පසුගිය සෙනසුරාදා (30) ඉවත්කර තිබුණු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව එදින පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබුණි.

    ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන පත්කළේය. එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ පත්කළ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතා වෙනුවට සරත් ඒකනායකව පත් කර තිබුණි.

  • ශ්‍රීලනිපයේ ආන්දෝලානාත්මක වෙනසක්! ලසන්ත, මහින්ද, දුමින්දගේ තනතුරුත් අදින් පසු ඉවරයි!

    ශ්‍රීලනිපයේ ආන්දෝලානාත්මක වෙනසක්! ලසන්ත, මහින්ද, දුමින්දගේ තනතුරුත් අදින් පසු ඉවරයි!

    මාර්තු 30, කොළඹ (LNW): අද (30) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇති අතර, මෙහිදී පාර්ලිමේනතු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරු වලින් පමණක් ඉවත් කිරීමට යොජනාවන් ගෙන ඇති බව සඳහන් වේ.

    අද පෙරවරුවේ ආරම්භ වූ එම රැස්වීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද එක්වී සිටියේය. ආරාධිත දේශනයක් සඳහා ඔහු එලෙස පැමිණි බව වාර්තා විය.

    නමුත් එයට විරුද්ධව ඇමති නිමල් සිරිපාලද සිල්වා . රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා අමාත්‍ය මහින්ද අමරවීර අදහස් දක්වා ඇති වුවද, අනෙක් ආසන සංවිධායකවරු සියලුදෙනාම ඔවුන් තනතුරු වලින් ඉවත් කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ,

    ඒ වන විට මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න දැරූ තනතුරු වන්නේ ජාතික සංවිධායක, භාන්ඩාගාරික හා ජේෂ්ඨ උප සභාපති යන තනතුරු වන අතර, එම ජාතික සංවිධායක තනතුර සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගන ආසන සංවිධායක කේ.පී.ගුණවර්ධන ද භාණ්ඩාගාරික තනතුරට හිටපු බස්නාහිර පළාත් සභා ඇමති හෙක්ටර් බෙට්මගේ ද ජේෂ්ඨ උප සභාපති තනතුරට මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ද පත් කර ඇති බව සඳහන් වේ.

    පක්ෂ සභාපති වන මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසා ඇත්තේ, “ආණ්ඩුවේ ඇමති ධූර දරමින් සිටින අය අපි ඉවත් කළ යුතුයි. අපි සංධානයක් හදනකොට වෙනත් පක්ෂ වලින් කැමති නෑ අපිට,ඒ ඉන්න අණ්ඩුවත් එක්ක ගණු දෙනු කරන හින්ද “ යනුවෙන් පවසා ඇත.

  • පොල් කඩන මනුස්සයෙක්ගේ තත්ත්වයවත් අද රාජ්‍ය සේවකයින්ට නැහැ!

    පොල් කඩන මනුස්සයෙක්ගේ තත්ත්වයවත් අද රාජ්‍ය සේවකයින්ට නැහැ!

    කොළඹ LNW:පොල් කඩා ජීවත් වන මනුස්සයෙකුගේ තත්ත්වයවත් අද වන විට රාජ්‍ය සේවකයින්ට නොමැති අතර රජයේ සේවකයන් මේ වන විට ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ,අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

    ”අපි මේ වෙලාවේ කරන්න ඕන ජනතාවට ඉතාමත් අත්‍යවශ්‍යය කරන සංවර්ධන ක්‍රම මිසක් වෙන අයට අවශ්‍යය දේවල් නෙමෙයි. කුකුළු පාලනය මගින් බිත්තර ලබා ගැනීම වෙනුවෙන් ඉපලෝගම හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෑම ග්‍රාමසේවා වසමකම, කාන්තාවන් 25 දෙනෙක් වෙනුවෙන් මෙම සතුටු පවුල නමින් ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඒ හරහා පෝෂණය පිළිබඳ ඉදිරියේදී ගැටලුවක් ඇති නොවෙයි. සාමාන්‍යයෙන් ගමක මේ ගෙදර වට්ටක්කා වැව්වොත් හොඳ ආදායකමක් ගත්තොත් අල්ලපු ගෙදරත් වට්ටක්කා වවවනවා, මුළු ගමම වට්ටක්කා වවනවා, වට්ටක්කා මිළ බින්දුවට බැස්සම, වට්ටක්කා ඇති වෙනවා. අපි විශ්වාස කරනවා මේ ව්‍යාපෘතිය ගම්වලට ගෙනිච්චම,මේක අනෙක් අයත් ආරම්භ කරයි. කුකුළු පැටව් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන් මේ ව්‍යාපෘතිය හරහා තවත් අතුරු ව්‍යාපෘති රාශියක් කරන්න පුලුවන්කම තියෙනවා.

    අපි කෘෂිකර්ම අමාත්‍යංශය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 20 000 ක් වගා කිරීම වෙනුවෙන් නොමිලේ බීජ, පොහොර  ලබා දුන්නා. ඒ වගේම ලබන සතිය වන විට සී සෑම සඳහා මුදල් ගිණුමට බැර කරනවා. මේ අක්කර 20 000 ක වගා කළ ගොවීන්ගේ වගා බිම් බලන්න ගියහම අපි සතුටු වෙනවා. සමහරු අක්කර ගණන් සාර්ථකව වගා කරලා තියෙනවා. වාණිජ කෘෂිකර්මාන්තය පැත්තෙන් ඒ අය මොන තරම් ආදායමක් ගත්තත්, ඒ අයගේ ගෙවල් වලට ගියහම, අපි මේ වගා බිම් බලන්න ගියහම ඒ අය කෑම ටිකක්, තේ ටිකක් ගෙදරට එක්කගෙන ගිහින් අපිට දෙනවානේ. ඒ වගේ වෙලාවක කුස්සියෙන් එළියට ගිහින් බැලුවම, අර අක්කර 5ක් – 10 ක් වගා කරපු ගොවියාගේ, ගෙදර මිරිස් පැළයක් හිටවගෙන නෑ, ගෙදර තක්කාලී පැළයක් නෑ, මාළු මිරිස් ටිකක් වෙන්න පුලුවන් මේ කිසි දෙයක් නෑ. හැබැයි මෙච්චර ආදායමක් ගන්න වාණිජ කෘෂිකර්මාන්තය කරන අපේ පළාතේ පහුගිය කාලේ කැරට් ටික 2300 ට ගියහම අපිත් හායි හූයි ගාන්න ඇති. රෑට ටී.වී එක බලලා මාර වැඩේ දැන් සුප් බොන්නත් බෑ, රයිස් කන්නත් බෑ අර සමාජ මාධ්‍ය වල තිබ්බේ කෑම කැරට් ඇතුව මෙච්චරයි, නැතිව මෙච්චරයි කියලා. අපි ඒවා බලලා හිනා වෙනවා. ඇත්තම කථාව ඒවා බලලා අපි හිනා වෙන්න නෙමෙයි අඩන්න ඕන. අපි කැරට් කන්න ඕන ජාතියක්ද? කැරට් කන්න අය වෙනම ඉන්නවා. හැබැයි අපේ පළාතේ අපිට කැරට් නැතිව ජීවත් වෙන්න බැරිද? හැබැයි අපි මොකද කරන්නේ? එදා ඉඳන් පුරුදු වෙච්ච දේත් එක්ක, අපි ලක්ෂ ගණනක වගා කරලා, ලක්ෂ ගණනක ආදායමක් අරගෙන, අපි අපේ කන්න ඕන ටිකවත් හදාගෙන තියෙනවාද? ඇයි අපි හදාගෙන නැත්තේ? අද හේනකට ගියහම බොහොම අහම්බෙන් තමයි තියෙන්නේ බටු පැළයක්, තිබ්බටු පැළයක් විසි කරපු දෙයක් පැළ වෙලා කියලා දකිනවා මිසක් ඒ ඇරෙන්න තමන්ට කන්න හදා ගත්ත ගෙවල් නෑ.”

    මෙහිදී රාජ්‍ය සේවකයින් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරටහව ගැනද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරුණු දක්වා සිටියේය.
     
    ”රජයේ සේවකයෝ ලෙස ඔබතුමලාත්, අපි හැමෝමත් ඇත්තටම ඉන්නේ සතුටින් නෙමෙයි. තියෙන වියදම් එක්ක ගත්තාම, අඩුයි කියන්න කිසි දෙයක් නෑ, හැම දේම වැඩියි, ලයිට් ටිකද, වතුර ටිකද, ගෑස් ටිකද, ටියුෂන් පන්ති ගාස්තුද, ළමයින්ගේ පාසල් වියදම්ද, මේ හැම දේම ගණන් වැඩියි, මේ වෙලාවේ ගත්තම රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම ජීවත් වෙන්නේ, අද ඔබතුමන්ලාට වඩා පොල් කඩන මනුස්සයෙක් ඉතා හොඳින් ජීවත් වෙනවා,මොකද එයා එයාගේ ගාන වැඩිකරගෙන තියෙනවා වියදමත් එක්ක, පොල්ගෙඩියේ ගාන වැඩි වෙලා තියෙනවා, ඒ වගේම කම්කරුවගේ ගානේ ඉඳන්,මේසන් බාස්ගේ ගානේ ඉඳන් හැමදේම වැඩි වෙලා තියෙනවා, හැබැයි රජයේ සේවකයින්ට විතරයි තියෙන වියදමට ගැලපෙන පඩියක් ගලප්පගන්න බැරිව ඉන්නේ.ඒ නිසා මම දන්නවා රජයේ සේවකයින් බොහෝම අමාරුවෙන් ඉන්නේ, වෙනදා ජීවත් වෙච්ච විදිහටම ජීවත් වෙන්න බෑ, අපේ බොහෝ රාජ්‍යය සේවකයෝ වැටුප, බැංකු ණයට ගෙවලා, ඕ.ටී , බටා එකෙන් තමයි ජීවත් වුණේ, එහෙම තමයි ජීවිකාව කරගෙන ගියේ, මේකට උත්තරයක් වෛරයෙන් හෙව්වොත් හම්බෙයිද? තරහෙන් උත්ත්රයක් හෙව්වොත් හම්බෙයිද?  කවුරු හරි කිව්වොත් හෙට ගෑස් එකේ මිළ රුපියල් 100 කින් අඩු වෙනවා කිව්වොත් දැන් මේ තියෙන පඩිය ඇතිද ජීවත් වෙන්න? ඒත් මදි එහෙම නම් මොකක්ද අපි කරන්න ඕන, අපිට පඩි වැඩි කරන ක්‍රමයකට අපි යන්න ඕන, අපේ පඩි වැඩිවෙන්න ඕන ඉස්සරහට, අපේ පඩි වැඩි වෙන්න නම් ඉස්සරහට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන, පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් වෙන්න ඕන.” යනුවෙන් දිසානායක මහතා තවදුරටත් කියාසිටියේය.

    ASK

  • වෙන්ඩ කැබිනට් ඇමති දුමින්දගේ තනතුරුත් අහිමි කරයි

    වෙන්ඩ කැබිනට් ඇමති දුමින්දගේ තනතුරුත් අහිමි කරයි

    ශ්‍රී ලංකි නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත් ජාතික සංවිධායක ධුරයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කර නොමැත.

    දුමින්ද දිසානායක මහතා කැබිනට් ඇමති තනතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන බවයි පසුගිය දිනවලදී වාර්තා වුනේ. කැබිනට් ඇමතිවරුන් පත් කිරීම අවස්ථා කිහිපයකදීම කල්දැමීමට සිදු වූ අතර මේ නිසා ඔහුට තවමත් කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව නොලැබිණි.

    මීට පෙර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර බාරගත් සියලු ශ්‍රීලනිප සාමාජිකයන්ගේ පක්ෂ තනතුරු අහිමි කිරීමට ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

    UN

  • ඇමති පට්ටම් ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්න මෛත්‍රී සූදානම් වෙයි

    ඇමති පට්ටම් ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්න මෛත්‍රී සූදානම් වෙයි

    සර්ව පාක්ෂික ආණ්ඩුවක හැර වෙනත් කිසිදු ආණ්ඩුවක ඇමති තනතුරු ලබා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබියදී ඊට පටහැනිව යමින් කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

    පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඉදිරි දිනවලදී විනය පරීක්ෂණ ආරම්භ කරන බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව කැබිනට් තනතුරු ලබාදීමේදී ශ්‍රීලනිප පාර්ශ්වයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා කැබිනට් ඇමති තනතුරුවලට පත්විය. ඉන් අනතුරුව මෑතකදී රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සුරේන් රාඝවන් යන මන්ත්‍රීවරුන් රාජ්‍ය ඇමති තනතුරු ලබා ගැනීමට කටයුතු කළේය.

    ඇමති ධුරයක දිවුරුම් දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා, තමන්ට එරෙහිව ශ්‍රීලනිපය විනය ක්‍රියමාර්ග ගැනීමට සූදානම් වන බැවින් ඊට එරෙහිව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළ අතර එහිදී ශ්‍රීලනිප ලේකම්වරයා අධිකරණය වෙත දැනුම් දී තිබුණේ නිමල් සිරිපාල මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බවයි.

    මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ශ්‍රීලනිප පාර්ශ්වයේ දුමින්ද දිසානායක මහතාද ආණ්ඩුවට එක්වෙමින් ඇමති ධුරයක් බාර ගැනීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළ වේ.

    එසේ වුවහොත් ශ්‍රීලනිප සභාපතිවරයා සමග ඇමති ධුර බාර නොගැනීමේ තීන්දුව තවදුරටත් ආරක්ෂා කරන මන්ත්‍රීවරුන් බවට පත්වන්නේ ලේකම් දයාසිරි ජයසේකර සහ අංගජන් රාමනාදන්, ශාන් විජයලාල් ද සිල්වා සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරුන් පමණි.

    UN

  • මෛත්‍රී, දයාසිරි විතරක් ශ්‍රීලනිපයේ ඉතුරු වෙයිද ? දුමින්දටත් කැබිනට් ඇමති ධුරයක් !

    මෛත්‍රී, දයාසිරි විතරක් ශ්‍රීලනිපයේ ඉතුරු වෙයිද ? දුමින්දටත් කැබිනට් ඇමති ධුරයක් !

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට කැබිනට් ඇමති ධුරයක් හිමිවීමට නියමිතය. ඒ, මීලඟට සිදුවන කැබිනට් සංශෝධනයේදීයි.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් ඇමති ධුර බාර ගැනීමට ශ්‍රීලනිපය තීරණය කර තිබූ අතර ඒ සඳහා පසුගියදා පැවති පක්ෂ සංවත්සර උළෙලේදීද අනුමැතිය හිමිව තිබිණි.

    කෙසේ නමුත් ඊට එකඟ වූ මන්ත්‍රීවරුන් හය දෙනෙක් පසුගියදා රාජ්‍ය ඇමති ධුර ලබා ගැනීමට කටයුතු කළේය. ඊට පෙර නිමල් සිරිපාල සිල්වා මහතා සහ මහින්ද අමරවීර කැබිනට් ඇමති ධුර බාර ගත්තේය.

    පක්ෂයේ තීරණය අනුව තවමත් කටයුතු කරන්නේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණි.

    මේ අතර ඉදිරියේදී තවත් කැබිනට් ඇමතිවරුන් 12 දෙනෙකු දිවුරුම්දීමට නියමිත අතර එම 12 දෙනා අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද සිල්වා මහතාද සිටින බවයි වාර්තා වන්නේ. ඔහුට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම එජාප මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට කැබිනට් තනතුරක් හිමිවීමට නියමිතය. සෙසු සියලු කැබිනට් තනතුරු පොදුජන පෙරමුණට හිමිවනු ඇත.

    ඒ අනුව ඇමති ධුර බාර නොගන්නා බවට ශ්‍රීලනිපය ගත් තීරණය සමග පක්ෂ සභාපතිවරයා සහ ලේකම්වරයා පමණක් රැඳී සිටිද්දී අනෙක් සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග කටයුතු කරනු ඇත.

    UN

  • ආහාර හිඟයට සහ ගොවියන්ගේ ප්‍රශ්නයට 100%ක් ජනාධිපති වගකිව යුතුයි – දුමින්ද (VIDEO)

    ආහාර හිඟයට සහ ගොවියන්ගේ ප්‍රශ්නයට 100%ක් ජනාධිපති වගකිව යුතුයි – දුමින්ද (VIDEO)

    ආහාර හිඟයට සහ ගොවියන්ගේ ප්‍රශ්නයට 100%ක් වගකිව යුතු වන්නේ ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුවත් කිරීමේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එවැනි තත්ත්වයක් ඇති වූයේ ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු තීරණ නිසා බවයි දිසානායක මහතා කියා සිටියේ.

    විශේෂයෙන් පොහොර ප්‍රශ්නය ගැන සෙසු ඇමතිවරු සහ නිලධාරීන් කොතෙක් කීවද අවසානයේ තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා බව හෙතෙම සඳහන් කරන ලදී.

    එදා ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කළද අද ඇමතිවරු මෙන්ම නිලධාරීන්ද පවසන්නේ පොහොර සම්බන්ධයෙන් ගත් තීරණයේ බරපතලකම පෙන්වා දුන්නද එය නොඇසූ බව යැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

    දැන් කළ යුතු වන්නේ ආර්ථික ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයට භාර දී දේශපාලන ප්‍රශ්නය පාර්ලිමේන්තුව විසින් විසඳා ගත යුතුව ඇති බවයි දුමින්ද දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේ.

    ASK

  • අපි කකුල් දෙපැත්තට තියාගෙන නැහැ. මොකද වෙන්නේ කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි – දුමින්ද (VIDEO)

    අපි කකුල් දෙපැත්තට තියාගෙන නැහැ. මොකද වෙන්නේ කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි – දුමින්ද (VIDEO)

    ලැජ්ජාව පසෙක තබා මේ වසරේදීවත් ආණ්ඩුව නිවැරදි තීන්දු ගත යුතුව ඇතැයි සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    පසුගිය කාලය තුළ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් තීන්දුව වැරදි තීන්දුවක් නිසා අද වන විට ආහාර හිඟයක් පවා ඇති වීමේ අවදානමක් පවතින හෙයින් එම තීන්දුව ආපස්සට ගන්නවද නැද්ද කියල හිතන්නේ නැතුව නිවරදි දේ කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ.

    එමෙන්ම සියලුම ගොවීන්ට වන්දි හිමිවිය යුතු බවත් දිසානායක මහතා සඳහන් කරන ලදී.

    ආණ්ඩුව තුළ යම් යම් ප්‍රශ්න තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම ඉදිරි කාලයේදී ඉටුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

    ASK