හහ් හහ් හා! අපි ගත්තා, අපි ගත්තා – පළමු වැනිදා ගෑස් දැක කුල්මත් වූ ජනතාව! (VIDEO)

0
462

2022 නව වසර ආරම්භයේදීත් ජනතාව සිදුව තිබුණේ ගෑස්,කිරි පිටි පෝලිම් වල රැඳී සිටීමටය.

මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සමඟ ආණ්ඩුවට එරෙහි විරෝධය දිනෙන් දින උත්සන්න වෙමින් තිබෙන මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව අතරද පවතින්නේ ඉතා නොසන්සුන්කාරී තත්ත්වයක්.

අද (01) දින රාජගිරිය ලාෆ් සුපිරි වෙළෙඳ සලට ගෑස් තොගයක් ලැබී තිබුණු අතර ඉතාම සුළු වේලාවකදී එම සිලින්ඩර සියල්ල අලෙවි වී තිබුණු අතර ඇතැමුන්ට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට හැකිව තිබුණේ මාස එකහමාරකට දෙකකට පමණ පසුවයි.

පසුගිය දිනවල කොළඹ නගරයේ පමණක් විශේෂයෙන් ගෑස් අලෙවි සල් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණු අතර ජනතාව එක් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම වෙනුවෙන් ඉතා වැඩි වෙහෙසක් ගනිමින් සිටින ආකාරයයි දක්නට ලැබුණේ.

තවදුරටත් එම තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති අතර අද දිනයේදීද වෙළෙඳ සල් අසල දිගු පෝලිම් දක්නට තිබුණි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here