*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

නව වසර උදාවෙත් යුක්රේනයට දිගින් දිගටම රුසියානු ප්‍රහාර

නව වසරේ උදාවත් සමඟ රුසියාව විසින් යුක්රේනයේ Kyiv සහ අනෙකුත් ප්‍රදේශවලට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර නිවාස හා ‌ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුව ඇති බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙහිදී අවධාරණය කර තිබුණේ රුසියාවේ මෙම ප්‍රහාර වෙනුවෙන් කිසිදු යුක්රේන වැසියෙකු හෝ ලෝක ප්‍රජාවේ කිසිවෙකු මොස්කවුහි යක්ෂයාට සමාව නොදෙනු ඇති බවයි.


ඒ අනුව රුසියානු ප්‍රහාර හේතුවෙන් Kyiv, Mykolaiv, Khmelnytskyi, Zaporizhzhia ආදී නගර රැසකට බරපතල හානි සිදුවී ඇති අතර ප්‍රහාරයන්ගෙන් අනතුරුව යුක්රේන විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ, මෙවර දියත් කරන ලද රුසියාවේ මිසයිල ප්‍රහාර යුක්රේනයේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක නොකරන බවත්, හිතාමතාම සිවිල් වැසියන්ට පහර දෙමින් ලේ පිපාසිත යුධ අපරාධකරුවකු වන පුටින් මිනිසුන් මරා සිය නව වසර සමරණ බවයි.

නව අවුරුදු සුබ පැතුම් සමඟ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ රුසියාව යුක්‍රේනයේ සටන් කරන්නේ තම “මව්බිම” ආරක්ෂා කර ගැනීමට සහ එහි ජනතාවට “සැබෑ නිදහස” ලබා ගැනීමට බවයි. එමෙන්ම රුසියාව විනාශ කිරීමට යුක්රේනය මෙවලමක් ලෙස භාවිතා කිරීමට බටහිර රටවල් දරන උත්සාහයට රුසියාව කිසි විටෙකත් ඉඩ නොදෙන බවයි.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan