අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් වෙනුවෙන් ඉකුත් වසරේ ආරම්භකළ නිවාස ව්‍යාපෘති කඩිනම් කිරීමට උපදෙස්

0
186

ඉකුත් වර්ෂයේ අඩු අදායම්ලාභීන් සහ කලාකරුවන් වෙනුවෙන් ආරම්භකළ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාැනීම සඳහා අරමුදල් අවස්ථා සඳහා යොමුවන ලෙසත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය මැද එහි බර භාණ්ඩාගාරය වෙත පැටවීමෙන් වළකින ලෙස ද අමාත්‍යවරයා අදාළ පාර්ශවයන්ට පවසා ඇත.

මෙම ව්‍යාපෘති සඳහා වර්තමානයේ මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ ඉකුත් වර්ෂයේ ජනවාරි මාසයේ චීන රජයෙන් ලබා දුන් ණය ආධාර මත වන අතර, ඒ යටතේ අඩු ආදායම්ලාභීන් 1,888 දෙනෙකුටත්, කලාකරුවන් 108 දෙනෙකුටත් නිවාස ඉදි කිරීමට නියමිත ය.

මෙම වසරේ ආරම්භයේදී මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ හරහා පෑලියගොඩ, මහරගම, මොරටුව, දෙමටගොඩ සහ කොට්ටාව යන ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති 05ක් යටතේ නිවාස 1,996 ක් ඉදිකිරීමට නියිමිත බව වාර්තා වේ.

MIAP