සිසුන් දෙදෙනෙකු දියේ ගිළී මරුට !

0
191

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු සැඩ පහරට හසුව දියේ ගිළීමෙන් මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

උපකාරක පන්තිවලට සහභාගී වීමට යන බව පවසා ඔවුන් නිවෙස්වලින් පැමිණ මෙසේ දිය නෑමට ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන් සිව්දෙනෙකු දිය නෑමට ගොස් ඇති අතර එයින් දෙදෙනෙකු මෙසේ මියගොස් ඇත.

මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN