නායයාමකින් නිවසකට හානි!

0
76

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01, කොළඹ (LNW): ඊයේ (31 ) පස්වරුවේ අධික වර්ෂා සහිත කාලගුණ තත්වයත් සමග කැප්පෙටිපොල විදුරුපොල ප්‍රදේශයේ නිවසක් මතට නිවස පිටුපස වු බැම්මක් නාය යෑම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබේ.

නිවස පිටුපස වු කොන්ක්‍රීට් බැම්මක් මෙලෙස නාය ගොස් ඇති අතර නිවසේ පිටුපස කාමර තුනකට දැඩි හානි සිදුව ඇති අතර නිවසේ වහලයටද හානි සිදුව ඇත,

මෙම ආපදාව සිදුවන අවස්ථාවේ නිවසේ හානි සිදුවු කමරවල කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් නිවැසියන්ට කිසිදු හානියක් සිදුව නොමති බව වාර්තා වේ.

නිවස පිටුපස වු මෙම බැම්මෙහි ඉරක් ගොස් ඇති බව නිවැසියන් දැක ඇති අතර එය නාය යෑම වලක්වා ගැනීමට බැම්මට ඉහලින් වු පස් ඉවත් කරමින් සිටින අවස්තාවේ මෙම නාය යෑම සිදුවු බව නිවැසියන් කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇