හොඳම ප්‍රධාන විධායක නිලධාරීන් අතරට ගිය ගයාන්ට තවත් තනතුරක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ (LNW):

ගයාන් වෙල්ලාල මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

ඒ මහතා, ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසඳය විසින් සංවිධානය කළ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා අතරට තේරී පත් වූ අයෙක් බව සඳහන් වේ.

ගයාන් වෙල්ලාල මහතා , එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින හා මැලේසියාව යන රටවල සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර, නිෂ්පාදනය, විගණනය, මූල්‍යකරණය, හෝටල් ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ අපනයනය වැනි ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක හසල අත්දැකීම් ඇති අයෙක්වේ.

ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ D.S. සේනානායක විද්‍යාල වල දීප්තිමත් ආදි සිසුවකු වන වෙල්ලාල මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමණාකරණය පිළිබඳව විශේෂ උපාධිය හිමි කරගත් අතර එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ (University Of Cardiff) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි. මීට අමතරව ඔහු FCMA (UK) හා FCMA (Sri Lanka) වරලත් කළමණාකාර ගණකාධිකාරී සුදුසුකම් සම්පූර්ණ කර ඇති බව සඅහන් වේ.

ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ තම සභාපතිත්වය යටතේ, යුද්ධය නිසා උතුරු ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ලුණු නිෂ්පාදනාගාරවල නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර ලුණු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් දේශීය වෙළඳපළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පසුව ලුණු අපනයනය සඳහා යොමු වීමටත් බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...