මනූෂගේ මල්ලිට අහුවුණා නම් ඇවිත් පැමිණිලි කරන්න – පොලීසිය දැනුම් දෙයි

Date:

කොළඹ LNW: හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසයි.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තිසර නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගැනුණු අතර ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තිසර නානායක්කාර මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් විටෙන් විට බැරවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් හඳුනා ගෙන ඇති අතර එම මුදල් බර වීම අවස්ථා 28කදී සිදුව ඇති බවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් හෙළිකරගෙන ඇති බව සඳහන්.

එලෙස මුදල් බැර කර ඇත්තේ විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන් විය යැකි හෙයින් මෙලෙස එම වංචාවට හසු වී සිටින අය වේ නම් ඒ ගැන පැමිණිලි කරන ලෙසයි මනතුංග මහතා සඳහන් කරන්නේ.

මේ අතර හිටපු ඇමති මනූෂ නානායක්කාර ද විදෙස් ගතවී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...