ඇමෙරිකානුවන් බුද්ධ ධර්මය හොඳින් ආරක්ෂා කරනු ඇත !

Date:

ඇමෙරිකාවේ නොක්ස්විල් නුවර බෞද්ධ පන්සලක් නොමැත.
සංඝයා නොමැත.
ඇත්තේ වෙබ්සයිටයක් පමණි.

එහි මෙලෙස ලියා ඇත:

අපි සෑම සඳුදාවකම සවස 7ට විපස්සනා භාවනාවට විනාඩි 40ක් වාඩිවෙමු.
මුදල් අය නොකෙරේ.
ඔබ පැමිනෙනේ නම් කරුණාකර 7ට පළමු පැමිණ වාඩිවන්න.
භාවනාව අතරමග නැගිට නොයන්න.
භාවනාවෙන් පසු කෝපි ඇත.
ඉන්පසුව බෞද්ධ සාකච්චා ඇරඹේ.

පසුගිය සඳුදා මාද එයට සහභාගී වීමට ගියෙමි.
එය විසාල උස මැදුරකි.
බයිසිකලය යකඩ වැටට ගැට ගසා මා එයට ඇතුළු වුනෙමි.

මැදුරේ එක පසක සුදුවන් බුදු පිළිමයක් තබා ඇත.
බුදු පිළිම ඉදිරියේ දල්වා ඇති එක් ඉටි පහනකි.
රවුමට හිඳ ගැනීමට බිම සිවුරු පාටැති කොට්ට තබා ඇත.

එයට ඇතුළුවූ විගස මගේ මනස ක්ෂණිකව නිසසල වුනි.

ස්වල්ප වෙලාවකින් සුදු සමැති ඇමෙරිකානුවන් එකිනෙකා මැදුරට ඇතුළුවන්නට විය.
ඔවුන් මැදිවිය ඉක්මවා සිටියෝය.

මා පසෙකටවී බලා සිටියෙමි.

එවැනි සුදු සමැති ඇමෙරිකානුවන් 14 දෙනෙකු එදා පැමිණ සිටියෝය.
ඔවුන් තැම්පත් ප්‍රියංකර මිනුසුන්ය.
අතුලුවුයේ ඉතා සන්සුන්වය.
හැඳ සිටියේ පිරිසිදු සුදු සහ ලානිල්වන් වර්ණයේ ඇඳුම්ය.

එහි ප්‍රදානියා මාව දැක මා හමුවට පිළිගැනීමට පැමිණියේය.
මට සුභපතා ඔහු මා ගෙනගොස් සියලු පහසුකම් පෙන්වා දුනේය.

මාගේ වත ගොත ඔහුට අදාළ නොවුනි. මා හොරකු විය හැකිවද තිබුණි.
නමුත් ඔහු මා හට දැක්වුයේ අසීමිත දයාවකි.

සියලෝම පැමිණිවිට අප සියලුදෙනා හරියටම 7ට භාවනාවට වාඩිවුනෙමු.

මා ළඟ සිටි මිනිසා මට අසිරි පතා මට ඔහුව හඳුනාදුනි.
මා “හර්ශාන” බව මා ඔහුට පැවසිය (“හර්ෂණ” යනුවෙන් ඔවුන්ට සද්දකල නොහැකි බැවින්)

එය “ලස්සන” නමක් බව ඔහු කියා සිටියේය.
නමක ලස්සන දකින්න මනස ලස්සන විය යුතු බව මම ඔහුට කියා සිටියෙමි.
ඔහු මට සිනහවක් පා අපි භාවනාවට අනුගතවිය.

භාවනාව මෙහෙයවූයේ යෝගී පෙනුමැති ප්‍රසන්න මැදිවිය ඉක්මවූ ගැහැනියකි.
ඇය කියා සිටියේ “ශ්‍රී ලංකික සම්ප්‍රදායට” (ථෙරවාද) අනුව කරනාවූ එය “විපස්සනා භාවනාවක්” (insight meditation) බවයි.

එය අසු පමණින් දහර මණ්ඩිය ගොතා සිටි මා උඩගොස් බිම වැටිණි.
එකුදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති මෙම දුරස්ථ දේශයේ ලංකික සම්ප්‍රදායට අනුව භාවනා කරන සුදු මිනිසුන් හමුවකට එක්වීම සිතාගත නොහැකි සිදුවීමකි.
කිසිම පන්සලක් හිමිනමක් නොමැති මෙම ප්‍රදේශයේ එවැන්නක් මා කෙලෙස බලාපොරොත්තු වන්නද ?

කෙසේ වෙතත් විනාඩි 40ක් යනු නොදැනිනි.

භාවනාවෙන් පසු මා සියලන්ටම හඳුනා දෙනමෙන් භාවනාව මෙහෙයවූ ඇය මගෙන් ඉල්ලා සිටියාය.
මා “ශ්‍රී ලංකික කැනේඩියානුවෙක්” බව මා ඔවුනට කීවෙමි.

ඉන්පසුව ඇය කියා සිටියේ ඔවුන් අනුගමනය කරන බෞද්ධ ධර්මය “බන්තේ G” ගෙන් පැවත එන බවයි. G යනු ඇමෙරිකාවේ වසන ගුණරතන නම් හිමි නම බව මට පැහැදිලි වුනෙමි.

කෝපි බොනගමන් ඇය මා වෙත පැමිණ අපි එකිනෙකා වඩාත් සමීපව හඳුනා ගතිමු.

ඇය විශ්වවිද්‍යාල මහාචාරවරියකි.
ඔවුන් මෙලෙස පුරා අවුරුදු 14ක් භාවනාවේ යෙදෙන්නෝය.

ගෙදර එනගමන් මා ඒ සියලු අත්දැකීම නැවතත් ආවර්ජනය කලෙමි.

ඇමෙරිකානුවන් විසින් ලංකාවේ බුද්ධ ධර්මය ආරක්ෂා කරන බව ලංකාවේ හිමිවරුන්ට දන්වා යැවීම මගේ යුතුකමක් බවමට හැඟුනි.

අද සිට බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමට හෝ මිනිසුන් නිවන් දක්කන්න සිවුරු කඩාගෙන ගල් මුල් මගුරු උස්සාගෙන කරදරවෙවී අපේ හිමිවරු එක එකා පසුපස හඹා යායුතුව නැත. ඇමෙරිකානුවන් විසින් බුද්ධ ධර්මය හොඳින් ආරක්ෂා කරනු ඇති.

උපුටාගැනීම – රරුන් හ්’නාශ් නම් කැනේඩියානුවෙකුගෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...