ඩොලර් ප්‍රශ්නයේ බලපෑමක් තිබුණත් ඖෂධ හිඟයක් ඇතිවෙන්න දෙන්නේ නෑ – ඇමති කෙහෙළිය

Date:

රට තුළ පවතින ඩොලර් හිඟය නිසා ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ද යම්කිසි බලපෑමක් තිබෙන නමුත් ඖෂධ හිඟයක් ඇති නොවීම පිණිස වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“මම කියන්නෙ ඒක සම්පූර්ණ වැරදි නැහැ. ඒ කියන්නෙ ඇත්ත තත්වය තමයි යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා, නැතුවා නෙවෙයි මුළු රටේම. ඒ කියන්නෙ විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ විදේශ විනිමය ප්‍රශ්නය මේ වෙනකොට යම් විදියකට නිදහස් කරගෙන තිබෙනවා, හැබැයි බොහොම පැහැදිලිවම කියන්න ඕනෙ, ගරු ජනාධිපතිතුමා පැහැදිලිවම කියලා තියෙන එක දෙයක් තමයි මොනවා වුණත් සෞඛ්‍ය අංශයට ලබාදියයුතු සියලුම අවශ්‍යතාවයන්, බෙහෙත් හිඟයකින් තොරව මේ රටේ කටයුතු කිරීමේ වැඩකටයුතුවලට ප්‍රමුඛත්වය ලබලා දෙන්න කියන එක. එනිසා මේ තාවකාලික යම් යම් ප්‍රශ්න නැතුවාම නෙවෙයි, නමුත් ඒ ප්‍රශ්න විසඳාගන්න බැරි තැනක නෙවෙයි තාම තියෙන්නෙ. අපි විශ්වාස කරනවා ඒ ප්‍රශ්න විසඳාගන්න හැකියාවක් තියෙයි. කෙසේවෙතත් ඖෂධ හිඟයක් ඇති නොවෙන තැනකට වැඩපිළිවෙලක් සකස් කෙරෙමින් පවතිනවා”

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඩොලර් හිඟයෙන් උද්ගතව ඇති බලපෑම පිළිබඳව ඖෂධ සංස්ථාව විසින් පසුගියදා කර තිබුණු ප්‍රකාශය පිළිබඳ විමසීමේදී ඊට පිළිතුරු වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...