ඩොලර් ප්‍රශ්නයේ බලපෑමක් තිබුණත් ඖෂධ හිඟයක් ඇතිවෙන්න දෙන්නේ නෑ – ඇමති කෙහෙළිය

Date:

රට තුළ පවතින ඩොලර් හිඟය නිසා ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ද යම්කිසි බලපෑමක් තිබෙන නමුත් ඖෂධ හිඟයක් ඇති නොවීම පිණිස වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“මම කියන්නෙ ඒක සම්පූර්ණ වැරදි නැහැ. ඒ කියන්නෙ ඇත්ත තත්වය තමයි යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා, නැතුවා නෙවෙයි මුළු රටේම. ඒ කියන්නෙ විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ විදේශ විනිමය ප්‍රශ්නය මේ වෙනකොට යම් විදියකට නිදහස් කරගෙන තිබෙනවා, හැබැයි බොහොම පැහැදිලිවම කියන්න ඕනෙ, ගරු ජනාධිපතිතුමා පැහැදිලිවම කියලා තියෙන එක දෙයක් තමයි මොනවා වුණත් සෞඛ්‍ය අංශයට ලබාදියයුතු සියලුම අවශ්‍යතාවයන්, බෙහෙත් හිඟයකින් තොරව මේ රටේ කටයුතු කිරීමේ වැඩකටයුතුවලට ප්‍රමුඛත්වය ලබලා දෙන්න කියන එක. එනිසා මේ තාවකාලික යම් යම් ප්‍රශ්න නැතුවාම නෙවෙයි, නමුත් ඒ ප්‍රශ්න විසඳාගන්න බැරි තැනක නෙවෙයි තාම තියෙන්නෙ. අපි විශ්වාස කරනවා ඒ ප්‍රශ්න විසඳාගන්න හැකියාවක් තියෙයි. කෙසේවෙතත් ඖෂධ හිඟයක් ඇති නොවෙන තැනකට වැඩපිළිවෙලක් සකස් කෙරෙමින් පවතිනවා”

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඩොලර් හිඟයෙන් උද්ගතව ඇති බලපෑම පිළිබඳව ඖෂධ සංස්ථාව විසින් පසුගියදා කර තිබුණු ප්‍රකාශය පිළිබඳ විමසීමේදී ඊට පිළිතුරු වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...