ජරක නරේන්ද්‍රගේ සුපෙම්බරා එළිදකී!

ජරක නරේන්ද්‍ර විසින් ගායනා කරන ”සුපෙම්බරා” ගීතය එළිදැක්වීම ඊයේ (01)ජාතික ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

24 හැවිරිදි මෙම තරුණයාගේ විශේෂත්වය වන්නේ ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වයෙන් පසු වුවද ඔහු තමන් ආශක්ත දේ දිනාගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටීමයි.

”සුපෙම්බරා” ගීතයේ පද රචනය ජරක නරේන්ද්‍රගේ පියා වන මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ ගෙන් වන අතර තනු නිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී ගයාන් ගණකධාර විසිනි.

මෙම ගීතය ජනගත කරන අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඇතුළු හිත මිත්‍රාදීන් සහභාගී වී සිටියා.

ජරක නරේන්ද්‍රගේ සුපෙම්බරා ගීතය ඔහුගේ යූ ටියුබ් නාලිකාවෙන් දැන් නැරඹීමේ අවස්ථාව පවතියි.

ජයාරූප නැරඹීම සඳහා https://www.readphotos.com/photo-stories/394/supembara-jaraka පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...