*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අලුත් ගමනකට සුබම මොහොත උදාවී ඇත

දෙදහස් විසි එක වර්ෂය උදා වූ ආකාරය වගේම අපි එදා එදා සතුටට පත් වූ විදියත් තවම අපේ මතකයෙන් අමතක වෙලා නැති මොහොතක තමා දෙදහස් විසිදෙක වර්ෂය උදාවුණේ.

එදා අප තැබූ බලාපොරොත්තු කොච්චර දුරට ඉෂ්ට වුණද කියල දැන් අපි දන්නව. 2022 උදාවෙනකොට අපේ රටෙ තිබ්බෙ වසංගත තත්වයක්. 2021 තරම් දරුණු නොවුණට 2022 දිත් අපේ රටේ තාමත් වසංගත තත්වයක් තමා තියෙන්නෙ. කොවිඩ් දෙවන රැල්ල ටික ටික අඩුවෙලා තියෙද්දි තමා අපි 2021 උදාවුණේ . එදත් අද වගේම හොද වෙන්න කියල තමා අපි ප්‍රාර්ථනා කලේ. ඒ වුණාට අපි පතපු දේවල් 2021 ලබද්දි ලැබුණද ලැබුණෙ නැත්නම් ඒ ඇයි කියන දේ අපිට ආපහු මතක් කරගන්න හොදම දවස 2022 ලබල තියෙන මේවගේ වෙලාවක කියල තමා අපේ නම් අදහස.

දෙදහස් විසි එක වර්ෂය මුළුමනින්ම නරක නපුරු දේ පමණක් ගෙන ආපු අසුබවාදි අවුරුද්දක් කියල අපි හදුන්වන්න කැමති නැති වුණාට පහුගිය අවුරුද්ද නරක දේ වැඩියෙන් වගේම හොද දේවල් අඩුවෙන් සිද්ද වෙච්ච අවුරුද්දක් කියල අපිට කියන්න පුළුවන්. ඒක විමසල බැලීම වැඩක් නෑ කියල කෙනෙකුට හිතුණට අපි නම් කියන්නෙ අපි කරපු අතපසුවීම් ගැන ආපහු හිතල බලල ඒ වැරදි ආපහු නොකරන්නට වගබලා ගත්තොත් අපිට 2022 වාසනාවන්ත අවුරුද්දක් වෙන එක වලක්වන්න බෑ කියල. අපිට 2021 අවුරුද්ද මේ විදියට පෙලගස්සාන්න පුළුවන්

2021අවුරුද්ද පුරා අපත් ලොවත් මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ ගෝලීය වසංගතයක් වන කොවිඩ් උවදුරට බව
එය අප මුහුණ දුන් සුළුපටු අභියෝගයක් නොවන බව
අපට දෙදහස් විස්ස අවසන් වී දෙදහස් විසිඑක ලබන විට විට කොවිඩ් උවදුර පාලනය කර රට යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී තිබූ බව.
එදා අපේ මිනිසුන් අවදානම ගැන නොසිතා සිතු ලෙස වැඩ කිරීමටත් දසත ඇවිද යෑමත් කල බව
එහි ප්‍රතිඵලය වූයේ අලුත් අවුරුදු පොකුරක් ඇතිව වසංගතය රට පුරා පැතිර ගිය බව
එය අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වාගේ අඩාල කරන තැනකට පත් වූ බව
එයට වැරැදිකරුවන් බවට පත් විය යුත්තේ අපි අපිම බව
පුරවැසියන් ලෙස අප ඉටු කළ යුතු යුතුකම් නිසි ලෙස ඉටු කළේ නම් අද වන විට අප මුහුණ දී තිබෙන තත්ත්වය මීට වඩා සුබදායක වීමට ඉඩ තිබු බව
එහෙත් ඒ තත්ත්වය එසේ නොවී සිදු වූයේ රට තව තවත් එක තැන සිරවීම බව
දැන් අපට අතීතයට දොස් කීමෙන් වැඩක් නැති බව

අපි දැන් අතීතයට දොස් කියල වැඩකුත් නෑ. වෙන්න ඕනම දේ තමා වර්තමානයෙ හොදින් හැසිරිල අනාගතය ජයගන්න එක විතරමයි. අපේ තියෙන ජන්ම පුරුද්දක් තමා හැමදේම ආණ්ඩුවෙන් ලැබෙනකන් බලන් ඉන්නව වගේම ආණ්ඩුව හැමදේම කරන්න ඕනෙ කියල අපි හිතන එක. ඒක වැරදියි කියල අපි මේ අවුරුද්දෙදිවත් හිතාගත්තොත් අපිට කවදාවත් වරදින එකක් නෑ.

අපි කොච්චර කොහොම සුබපතා ගත්තත් අපිට හැසිරෙන්න දන්නෙ නැත්නම් ඒ සුබ පතාගැනීමෙන් වැඩකුත් නෑ. කොහොම වුණත් අපිට ලැබුවෙ වසංගත තත්වය අඩුවෙලා තියෙන අවුරුද්දක්. ඉතින් එහෙම කියල එදා හැසිරුණා වගේ හැසිරෙන්නෙ නැතුව වගකියන ජනතාවක් හැටියට හැසිරුණොත් කොරෝනා වසංගත තත්වය අඩුකරගෙන රටට හොද කලදසාවක් ලැබෙන එක ස්ථීරයි.

ඒත් ඒක ඒ විදියට සිද්ද නොවුණොත්?

උත්තරය අපිම බාරගමු කාටවත් ඇගිල්ල දික් නොකර.

යූ. ඩී. Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan