බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :

අද (02) දින සියලු බන්ධනාගාර අධිකාරිවරුන් කොළඹට කැඳවා තිබෙන බව වාර්තා වේ. ඒ බන්ධනාගාර මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, එම සාකච්ඡාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවය.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, එහිදී සියලු බන්ධනාගාරවල ගිය වසරේ ප්‍රගතිය පිළිබඳ බන්ධනාගාර අධිකාරීවරුන් පැහැදිලි කළයුතු බවයි. එමෙන්ම මෙම වසරේ බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා සැලසුම්ද ඔවුන් ඉදිරිපත් කළ යුතු වනවා.

බන්ධනාගාර කිහිපයකින් පසුගිය දින කිහිපයේ වාර්තා වූ ඇතැම් සිද්ධීන් වාර්තා වී තිබූ පසුබිමක් තුළ සියලු බන්ධනාගාර අධිකාරීවරුන් මෙලෙස කොළඹට කැඳවා තිබීමද විශේෂත්වයකි. ඒ අතර වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය පිළිබඳවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය දින කිහිපයේදී එම බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන්ගේ සිර මැදිරිවල තිබී ජංගම දුරකතන ඇතුලු උපාංග රැසක් සොයා ගනු ලැබූ අතර, මේ අතර බන්ධනාගාර මූලස්ථානයේ අද රාත්‍රියේ පිරිත් සජ්ඡායනයක්ද පැවැත්වෙන බව වාර්තා වේ.

එය සංවිධාන කරනු ලබන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමයේ ප්‍රධානත්වයෙන් වන අතර, පසුදා උදෑසන මහා සංඝරත්නයට හීල ධානයද පිරිනැමෙන බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...