වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් අරමුදල් කප්පාදු කිරීමත් සමග ඇතිවී ඇති සීමාවන් හේතුවෙන් , අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පුස්තකාලය වසර 66කට පසුව අද (02) වසා දමයි.

විදෙස් වාර්තා වල සඳහන් වන්නේ, ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන එම පුස්තකාලය නාසා ආයතනය සතු විශාලතම පර්යේෂණ පුස්තකාලය බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , හබල් දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඇතුළු නාසා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් දියත් කිරීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන්ද අදාළ පුස්තකාලය දායක වන බවය.

2026 වසරේ මාර්තු මාසය වන විට ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ තවත් ගොඩනැගිලි 13 ක් සහ විද්‍යාගාර 100 කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමටත් නියමිත බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...