සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද (02) රැස්ව තිබේ.

මෙම පළමු පරිසර සභාවේ ආරාධිතයන් ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ,නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි,අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල, සභාපති සමන්ත ගුණසේකර, සාමාන්‍යාධිකාරි ජගත් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව මෙහි ඉදිරි සභාවන් රැස්වෙන අතර 2023 වසරෙන් පසු පළමු වරට මේ වසරේ සභාව රැස්වීය.

සමුද්‍රීය පරිසරයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය, සමුද්‍ර දූෂණය වැළැක්වීම සදහා වන අදාළ උපදේශනයන්, ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගයක පිහිටා ඇති ලංකාවට අයත් සාගර කලාපය හරහා සිදුවන මෙහෙයුම් කටයුතුවල තත්ත්වයන් සහ එම මෙහෙයුම් මගින් ඇතිවන දූෂණයන් ආදී කටයුතු පිළිබඳ උපදේශනයන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබාදීමේ ප්‍රමුඛ කාර්යක් ලෙස මෙම සභාව ඉදිරියේ දී කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය දූෂණයෙන් තොරව පවත්වා ගැනීම සහ එහි ස්වභාවික සම්පත් සංරක්ෂණය වෙනුවෙන් උපදෙස් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නා මෙම සභාව යළි සක්‍රීය වීම, මෙරට නිල් ආර්ථිකය (Blue Economy) ශක්තිමත් කිරීමටද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...