ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින් විදුලි බිල අඩුකරනවා වෙනුවට එය වැඩි කිරීමට යෝජනා කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි චෝදනා කරයි.

දිට්වා නිසා ලක්ෂ ගණනින් ජනතාව අවතැන් වෙද්දි රජය 11.57%කින් විදුලි බිල වැඩි කිරීමට උත්සහ කරන බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

වත්මන් රජය බලයට පත් වූයේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා යන පොරොන්දු පත්‍රිකාව මත වුවත් මේ වන විට වත්මන් රජය පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජිවිතයක් නිර්මාණය කිරීමට මුලපුරමින් සිටින බවයි විපක්ෂ නායකයා තවදුරටත් පවසන්නේ.

සෑම වේදිකාවකම පාහේ වත්මන් රජයේ සාමාජිකයන් එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස රු. 9000 බිල 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවත් මොවුන් බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර අද හෙටම 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් මොවුන් ලැබූ ජන වරම අද පාවා දෙමින් යන බවත් හෙතෙම කියා සිටියි.

එදා දශලක්ෂ ගණනින් මෙරට ජනතාව වත්මන් රජය පත් කර ගත්තේ විදුලි බිල අඩු කරනවා යැයි කියූ නිසා බව ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රසිද්ධියේම ඒ බව ප්‍රකාශ කර සිටියත් අද ජනතාවගේ කරපිටින් බලයට පැමිණ ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ද යන්න තමන් ප්‍රශ්න කර සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනතාවගේ ජන වරම මේ ආකාරයෙන් උල්ලංඝනය කරන රජයට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත් මෙවන් ජනතා විරෝධී ක්‍රියාවන් හරහා ජනතාවගේ කර පිට අසීමිත පීඩනයක් පැටවීම තර‌යේ හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...