දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයකට සූදානමින්. අද ධාවනය ගැනත් අනතුරු හැඟවීමක්

Date:

දුම්රිය ගමන් වාර 60 කට වැඩි සංඛ්‍යාවක් අද (02) දිනයේදී අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

සමස්ත දුම්රිය කාර්ය මණ්ඩලයෙන් 500 කට ආසන්න පිරිසක් පසුගිය 31 වනදා සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවී තිබෙන සේවක පුරප්පාඩු හේතුවෙන් මෙසේ වසරේ පළමු කාර්යාල දිනයේදීම දුම්රිය ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.

“31 වනදා දුම්රිය ගමන්වාර 44ක් අවලංගු වීමට නියමිත වුණා. 01 වනදා මේ මොහොත වන විට ගමන්වාර 7ක් පමණ අවලංගුවීම් සිද්ධවෙලා තියෙනවා. ඒක දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. 02 දිනයේදී මේක 60ක් 70ක් වෙන්න පුළුවන් එහෙම වුණොත් දුවන දුම්රියන්ට ධාරිතාවය දරන්න බැරි වෙයි. මගීන් ගැටුම් ඇති කරයි දුම්රිය ස්ථානවලට ඇවිල්ලා. මාසේ මුල්ම දවසේ, අවුරුද්දේ මුල්ම දවසේ මේ තත්ත්වය උදාවෙනවා කියන එක නිෂ්චිතවම අපිට කියන්න පුළුවන්. කාර්යාලවලට යන මගීන්ට දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. විශ්‍රාම ගැන්වුණ සේවකයින්ට අවශ්‍ය විදිහට කොන්ත්‍රාත් පදනම මත සේවා ලබාදීමත් මේ වෙනකොට ඉටුවෙලා නැහැ. ඒ වගේම දිගින් දිගටම මේ බඳවාගැනීම් පිළිබඳව දැනුම්දුන්නා. ඒවා හරියට ක්‍රියානොකරපු එකෙන් අවුරුදු එක හමාරක් අනුමැතියකින් තොරව වැඩකරපු සේවකයින් 4දෙනෙකුට ඔවුන්ගේ ගෙවීමත් නොකර ඔවුන්ව ඉවත්කරලා දාන්නට මේ ‌දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරින්න නව දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්තත් තනතුරු අනුමත කිරීම 2013න් පස්සේ සිදුවෙලා නැහැ. මේ හේතුවඋඩ මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාක ඉදිරි කාලසීමාවේදී අපිට වසාදමන්න සිදුවෙනවා. මේකට ඉදිරි සතියේදී නිවැරදි විසඳුමක් නැතිනම් අපි 09 වනදා වන විට මේ සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කඩාවැටීමට එරෙහිව සියලු කාරණා මුල්කරගෙන අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා කියන එක මේ මොහොතේදී දැනුම්දෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...