ජනතාවට පීඩා එපා බිල වැඩි කරන්න දෙන්නේ නෑ! – PUCSL ජනක

විදුලි බිල නැවත වැඩි කළහොත් එය නැවැත්වීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩිකිරීමට විෂයභාර ඇමැති කංචන විජේසේකර මහතාට අයිතියක් නැතැයි ද එසේ වැඩිකරනවා නම් අනිවාර්යයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවිය යුතු බව ද රත්නායක මහතා කීවේය.

විදුලි බිල වැඩි කළොත් අධිකරණයට යන බව පැවසුව ද එසේ වුවත් එය ක්‍රියාත්මක වීම වැළැක්වීමට කොමිසමට හැකියාව පවතින බව ද ඒ මහතා පැවසීය.

පසුගිය අගෝස්තු මසයේ විදුලි බිල වැඩි කිරීමෙන් පසු විදුලි බල මණ්ඩලය මේ වනවිට ලාභ ලබමින් සිටින නිසා විදුලි බිල වැඩිකර මහජනතාව මේ අවස්ථාවේ පීඩනයට පත් නොකළ යුතු බව කොමිසමේ විශ්වාසය බව ද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...