නව වසර ආරම්භයේ බදු පැහැර හැරීමේ පළමු නිදසුන මහ බැංකුවෙන්!

1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත අනුව, සේවකයකු නිවාඩු නොගෙන තිබුණේ නම් ඒ සඳහා ලබා දෙන නිවාඩු ගෙවීම (holiday leave encashment) මෙවර 2023 කැලැන්ඩර් වර්ෂය ආරම්භයේ පෙබරවාරි මස ගෙවීමට තිබිය දී, මහ බැංකු සේවකයන්ට 2022 දෙසැම්බර් මස අවසානයේම ගෙවා අවසාන කර දැමීමට මහ බැංකුව කටයුතු කර තිබීම පිළිබඳ දැඩි කතාබහක් ඇතිව තිබේ.

නව වසරේ පෙබරවාරි මස ගෙවීමට තිබූ නිවාඩු ගෙවීම දෙසැම්බර් 30 වන දින ගෙවීම හරහා, නව වසරේ ක්‍රියාත්මක වන බදු මඟ හැර එම ගෙවීම සිදු කිරීමට මහ බැංකුව සමත්ව තිබේ.

ඉහළ ගිය බදු මත සම්ප්‍රදාය පරිදි මහ බැංකු සේවකයන්ට මෙම වසරේ පෙබරවාරිවල නිවාඩු ගෙවීම ලබා දුන්නේ නම් එහිදී බදු ලෙස ගෙවීමට සිදුවන මුදල රුපියල් ලක්ෂ ගණනක් වීමට ඉඩ තිබූ බවයි මහ බැංකු ආරංචිමාර්ග පවසන්නේ.

මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ගැටළුවක් පවතින අතර, මහ බැංකුවේ කර්මාන්ත පරිසරය තුළ දැඩි විෂමතාවයක් පවතින බවත්, වත්මන් මහ බැංකු අධිපතිවරයා ඉහළ කළමනාකාරීත්වය සමඟ කටයුතු කරන ආකාරය මත දැඩි කැළඹීමක් මහ බැංකු කාර්ය මණ්ඩලය තුළ ඇති වී ඇති බවත් LNW අපි මීට පෙර අවස්ථා කිහිපයකදී ම පෙන්වා දුන්නෙමු.

නිවාඩු ගෙවීමේ කටයුත්ත සිදුකිරීමේ දී මහ බැංකුවේ කළමනාකාරීත්වය කටයුතු කර ඇති අන්දම අනුව, නව වසර ආරම්භයේ ම බදු පැහැර හැරීමේ පළමු නිදසුන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තබා ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි බව මෙහි දී සඳහන් කළ යුතුය.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...