ගොවියා කට ඇරගෙන බලාගෙන හිටියාට අපට වන්දි දෙන්න බෑ – ඇමති මහින්දානන්ද (VIDEO)

Date:

වගා හානි සඳහා වන්දි ලබාදීමට නම් අදාළ ගොවීන් මෙතෙක් රජයෙන් ලබාදුන් පොහොර වර්ග 4ම සිය වගාබිම් සඳහා භාවිතා කර තිබීම අනිවාර්යය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තරයේ අවධාරණය කරයි.

“ගොවීන් පාරට බැහැලා රසායනික පොහොර ඉල්ලුවා. ඒ අනුව රසායනික පොහොර ගේන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. ඒ හින්දා ඕනෙම කෙනෙකුට රසායනික පොහොර භාවිතා කරන්න පුළුවන්. නමුත් රජය සහනාධාර ලබාදෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට පමණයි. එනිසා දැන් පළිබෝධනාශල, දිලීරනාශක, පොහොර සියල්ල දැන් විවෘත වෙළඳපොලේ තියෙනවා. ඕනෙම ගොවියෙකුට කැමති නම් රසායනික කෘෂිකර්මාන්තයට යන්න පුළුවන්. වකුගඩුවක් නැතිකර ගන්නේ නැතුව හොඳ ආහාර වේලක් දෙන්න කැමති ගොවියෙකුට පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයත් එක්ක කටයුතු කරන්න පුළුවන්”

ප්‍රශ්නය – කෘෂි හානිවලට වන්දි ගෙවීම් කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නෙ ?

“අපි බලන්න ඕනෙ මොකක්ද දෙන වන්දිය කියන එක පිළිබඳව. පළවෙනියටම අපි සෑම ගොවියෙකුටම ඉල්ලුම්පත්‍රයක් දීලා තියෙනවා. ගොවියො අපේ පොහොර භාවිතා කරලාද කියලා බලනවා. අපේ පොහොර වර්ග 4ක් දීලා තියෙනවා. ඒ කිසිම පොහොර වර්ගයක් භාවිතා නොකරලා අපට වන්දි දෙන්න බෑ. රජය පොහොර දීලා තියෙනවා, ඒ පොහොර භාවිතා කරලාද කියලා බලනවා. ඒ සියල්ල අධීක්ෂණය කරලා තමයි වන්දි ලබාදෙන්නෙ.

අපි ආණ්ඩුවක් හැටියට පළවෙනියටම කාබනික ඝන පොහොර දුන්නා. ඊළඟට අපි ජෛව දියර පොහොර දුන්නා. ඊළඟට පොටෑසියම් ක්ලෝරයිඩ් දුන්නා. දැන් නැනෝ නයිට්‍රිජන් ලබාදෙමින් යනවා. මේ පොහොර වර්ග හතරම ගොවියා භාවිතා කරලා තියෙන්න ඕනෙ. ඒ පොහොර වර්ග 4ම භාවිතා කරලාත් ගොවියාගේ නිෂ්පාදනයට යම් අඩුවක් වුණොත් තමයි අපි වන්දි ගෙවන්නේ. එහෙම නැතුව ගොවියා මේ කිසිවක් පාවිච්චි කරන්නේ නැතුව කට ඇරගෙන බලාගෙන හිටියොත් ආණ්ඩුවකට වන්දියක් දෙන්න බෑ”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...