ඇමති ගම්මන්පිල යටතේ දෙවැනි වරටත් සපුකන්ද තෙල් පිරිපහදුව නවතී !

0
220

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (03) දිනයේ සිට නැවත වරක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, එම පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් මිලදීගෙන නොමැති වීම හේතුවෙනි.

මීට පෙර පසුගිය නොවැම්බර් 15 වනදා ද මේ හේතුව මතම තෙල් පිරිපහදුව වසා දැමුණු අතර එය යළි වැඩ ආරම්භ කෙරුණේ දින 22කට පසුව ය. දෙසැම්බර් 07 වනදා එසේ යළි වැඩ ආරම්භ කෙරුණු තෙල් පිරිපහදුව දින 27කට පසුව දැන් යළිත් වසා දැමීමට නියමිතය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කෙරුණු දිනයේ පටන් වසර 51ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වුණු අතර බොරතෙල් නොමැති වීම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට එය වසා දැමීමට සිදුවුණේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යටතේ ය.

කෙසේවෙතත් අමාත්‍යවරයා පවසන්නේ මේ මස අවසානයේ බොරතෙල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඉන්පසු නැවත වරක් තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කරන බවත්ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here