පොළට ආපු සුසිල් මහින්දානන්දගේ සහ බන්දුලගේ රෙදි ගලවයි! (VIDEO)

0
616

එළවළු මිල ඇතුළු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරු සහ ප්‍රතිපත්තිමය තීරණය ගත් අය වගකිව යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) දින දෙල්කඳ පොළට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යවරයා ෆේල් බවයි ඔහු පැවසුවේ.

තමන්ද මෙම ආණ්ඩුව නියෝජනය කළද තීන්දු තීරණ ගන්නා තැන්වල නොමැති බවත් බැංකුවක් උඩ තබා ඇති බවත් හෙතෙම සඳහන් කරන ලදී.

”හරි තීන්දු තීරණ ගන්න තිබුණා.දැන් කල් පැනල.දැන් වෙන කට්ටියකට තමයි තීන්දු ගන්න වෙන්නේ. ගොවියන්ට කෘමිනාශක නැත්නම් පොහොර නැත්නම් ඒ මිනිස්සු වගාකරන්නේ කොහොමද? ලංකාවේ විදේශ ආක්‍රමණ වේලාවකවත් කෘෂිකර්මයට මෙච්චර හානියක් වෙලා නැහැ. මම කියන්නේ කරන්න බැරි අය අයින් වෙලා පුළුවන් යට දෙන්න ඕනේ.” යනුවෙන් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here