පළාත් සභා මැතිවරණය තියන්න නං අලුත් පනතක් සම්මත කළ යුතුයි – දිනේෂ් ගුණවර්ධන

නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා.

දැනට සම්මත කරගෙන ඇති පනතේ අඩුපාඩු ගණනාවක් පවතින බැවින් එම පනත යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ. අදාල පනත සම්පූර්ණයෙන් ඉවත් කළයුතු බවද ඔහු සඳහන් කරනවා.

යහපාලන ආණ්ඩුව සමයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවලද සහයෝගයෙන් අදාල පනත සම්මත කරගත් බවත්, ඊට අත ඔසවන්න එපා යැයි තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන් නමුත් ජවිපෙ සහ දෙමළ සන්ධානය ඊට කන් නොදුන් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...