Wednesday, March 22, 2023
spot_img

Latest Posts

පළාත් සභා මැතිවරණය තියන්න නං අලුත් පනතක් සම්මත කළ යුතුයි – දිනේෂ් ගුණවර්ධන

නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා.

දැනට සම්මත කරගෙන ඇති පනතේ අඩුපාඩු ගණනාවක් පවතින බැවින් එම පනත යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ. අදාල පනත සම්පූර්ණයෙන් ඉවත් කළයුතු බවද ඔහු සඳහන් කරනවා.

යහපාලන ආණ්ඩුව සමයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවලද සහයෝගයෙන් අදාල පනත සම්මත කරගත් බවත්, ඊට අත ඔසවන්න එපා යැයි තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන් නමුත් ජවිපෙ සහ දෙමළ සන්ධානය ඊට කන් නොදුන් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.