ඩීසල් මිල අඩුවුණ පරිදි බස් ගාස්තුත් අඩුවෙයිද? (VIDEO)

ඩීසල් මිල තවත් රු.30කින් අඩුකරන්නේ නම් බස් ගාස්තු සංශෝධනයකට සූදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

ඒ, රජය විසින් ඊයේ දින ඩීසල් මිල රු. 15කින් අඩු කිරීමත් සමඟ බස් ගාස්තුවද යම් අඩුවීමක් සිදුවන්නේද යන්න මාධ්‍ය විසින් කළ විමසීමකට අද (03) දින පිළිතුරු දෙමිනි.

මේ වන විට රජය විසින් අවස්ථා තුනකදී රු.15 බැගින් ඩීසල් මිල අඩු කළද බස් කර්මාන්තයට අදාළ අමතර කොටස් ඇතුළු සෙසු වියදම් කිසිසේත් අඩුවීමක් සිදුව නොමැති හෙයින් ඩීසල් මිල අඩුවන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ.

ඒ අනුව බස් රථ කර්මාන්තයට අවශ්‍ය අමතර කොටස් ඇතුළු වියදම 50%කින් මිල අඩුකිරීමක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරන ලදී.

මේ අතර ජාතික ගමනාගමන කොමිසමට අවශ්‍ය පරිදි බස් ගාස්තු අඩු කිරීමට හෝ වැඩි කිරීමට ක්‍රියා කළ නොහැකි අතර පෞද්ගලික බස් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ බස් හිමියන් වන හෙයින් බස් ගාස්තු සංශෝධනයකදී ඔවුන්ගේ කැමැත්ත විමසිය යුතු වන බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...