අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන – රුවන් නෙළුගොල්ල

අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය ලබානොදෙන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. ප්‍රතිපත්තිමය තීරණයක් විතරක් නෙවෙයි මුදලුත් වෙන් කළා. ඒකත් ආණ්ඩුවේ වැඩක්. ඒත් හෙක්ටයාර් එකකට රුපියල් 15000ක් අතිරේක භෝග සඳහා ලබාදෙන්න මුදල් වෙන් කළා. හැබැයි කොහේ වගා කළොත්ද අතිරේක භෝගවලට මේක ලැබෙන්නෙ ? හේන්වල වගා කළාට ලැබෙන්නෙ නැහැ. එහෙනම් වගා කළයුත්තේ කුඹුරු ඉඩම්වල. කුඹුරු ඉඩම්වල අතිරේක භෝග වගා කරනවා නම් පොහොර සහනාධාරය ලැබෙනවා, වීවලට ලැබෙන ගාණම”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරහන් භෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...